gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මවගේ මල සිරුර නිවසේ උපරිම කාලයක් තබාගෙන බූරුවා ගහන අශිෂ්ට පුතුන් ගැන කතානායකට ලියයි

‘ජාතික සභාවත රට ගොඩනැගීමේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ වගකීම් විරහිත සහ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි’ යයි පාර්ලිමේන්තුවේ ජාතික සභාවේ එක් නොවීම පිලිබද හේතු පහදමින් උත්තර ලංකා සභාගයෙන් කථානායක මහින්ද යාපා අබේවර්දන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

අදාල ලිපිය මෙසේය.

ගරු කතානායක
මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ගරු කතානායකතුමනි,

ජාතික සභාව; රට ගොඩනැගීමේ භූමිකාව වෙනුවට ආණ්ඩුවේ වගකීම් විරහිත සහ අශිෂ්ට භාවිතාව සඟවන සැරසිල්ලකි

වර්තමානයේදී අප පොදුවේ මුහුණ දී සිටින තියුණු ආර්ථික අර්බුදය ජය ගැනීම පිණිස අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වනුයේ, දේශපාලන පක්ෂ හා සිවිල් ජාතික සංවිධාන එක්ව පොදු වැඩපිළිවෙළක් යටතේ සමගිසම්පන්නව ජාතියට නායකත්වය හා මගපෙන්වීම ලබාදීම බව උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ හා සංවිධාන සාමූහිකවත්, වෙන්වෙන්වත් මුල සිටම පෙන්වා දුන්නෙමු.

මෙම අවස්ථාවේදී සර්වපාක්ෂික එකගතා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් එම වැඩපිළිවෙළ දියත් කිරීම වෙනුවෙන් සර්වපාක්ෂික පාලනයක් පිහිටුවිය යුතු බවත් එම පාලනය මෙහෙයවීම පිණිස සර්වපාක්ෂික නියෝජනයක් සහිත ‘ජාතික සභාවක්’ පිහිටුවිය යුතු බවත් අප පක්ෂ විසින් ලිඛිතව පළමුව යෝජනා කරනු ලැබුවේ 2022 අප්‍රේල් මස 8 වැනිදාය. ඒ එවකට සිටි ජනාධිපතිවරයා අමතමිනි. එහෙත් අවාසනාවන්ත අයුරින් හිටපු ජනාධිපතිවරයාට මෙන්ම වර්තමාන ජනාධිපතිවරයාට ද එම සර්වපාක්ෂික පාලනය පිහිටුවාලීමට හැකි වූයේ හෝ හැකි වී හෝ නැත. එයට විවිධ පටු හේතු බලපාන ලද බව අපි දනිමු.

එහෙත්, එවැනි සර්වපාක්ෂික පාලනයක් රහිතව වුව ද වත්මන් අර්බුදයෙන් රට හා ජනතාව මුදා ගැනීම සදහා සර්වපාක්ෂික අනුමැතියක් සහිත වැඩපිළිවෙළක් හෝ බිහිකර ගැනීමට මෙතෙක් හැකිවී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ ආර්ථික අර්බුදය, මානව ආපදාවක් නිර්මාණය කෙරෙන තත්වය දක්වා වැඩෙන්නට ඉඩදී බලාසිටීම පමණක් නොව එම විනාශකාරී තත්වය ඇතිවීම කඩිනම් කිරීමට ඉවහල් වන වැරදි තීරණ පමණක් ගනු ලැබීමය.

මෙම වැරදි තීරණ මොනවාදැයි අප මිට පෙර අවස්ථා ගණනාවකදීම පෙන්වා දී ඇත්තෙමු, එමෙන්ම ගත යුතු නිවැරදි තීරණ මොනවාදැයි ද අපි නිර්ලෝභීව පෙන්වා දී ඇත්තෙමු. එහෙත් ඒ එකදු සාධනීය යෝජනාවක්වත් මේ දක්වා ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමට ආණ්ඩුව ක්‍රියා කර නැත .

දවසින් දවස තීව්‍ර වන, මහජනතාවගේ ජිවිත මහා ඛේදවාචකයක් කරා වේගයෙන් රැගෙන යමින් තිබෙන වත්මන් ආර්ථික අර්බුදය පිළිබදව ආණ්ඩුවට බැරෑරුම් හැගීමක් හෝ වැඩපිළිවෙළක් ඇතැයි අපට පෙනෙන්නට නැත. ඒ වෙනුවට සිදු කෙරෙමින් ඇත්තේ, මවගේ මෘත කලේබරය නිවසේ හැකිතාක් උපරිම කාලයක් තබාගෙන “බූරුවා ගසා“ වැඩි ගාණක් උපයා ගන්න කටයුතු කරන අශිෂ්ට පුතුන්ගේ භාවිතාව හා සමාන භාවිතාවක් බව අපි අවධාරණය කරමු.

එවන් තත්වයක් යටතේ ආණ්ඩුව පිහිටුවනු ලැබ තිබෙන “ජාතික සභාව” රට ගොඩගැනීමේ භූමිකාව හිමිකර ගත් ආයතනයක් වනවා වෙනුවට, ආණ්ඩුවේ වගකීම් විරහිත හා අශිෂ්ට භාවිතාව සරසන පිරුවටයක් ලෙසට පමණක් ක්‍රියාකරන ආයතනයක් බවට පත්වනු ඇති බව අපගේ නිගමනයයි. එවන් කාර්යකට දායක වීමෙන් රටට, ජනතාවට යහපතක් සැලසෙනු ඇතැයි අපි නොසිතමු. එබැවින් පිහිටුවනු ලැබ තිබෙන ඊනියා ජාතික සභාවට උත්තර ලංකා සභාගය නියෝජනය කරන පහත සදහන් පක්ෂවල කිසිදු නියෝජිතයකු සහභාගි නොවන බව ඔබතුමා වෙත මෙයින් දන්වා සිටිමු.

ස්තුතියි,
මෙයට,

01. පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ
ජාතික නිදහස් පෙරමුණ නායක,

02. පාර්ලිමේන්තු මන්ත්‍රී, වාසුදේව නානායක්කාර
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක,

03. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ
ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්,

04. වෛද්‍ය ජී. වීරසිංහ
ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්,

05. පාර්ලිමේන්තු මන්ත්‍රී, උදය ගම්මන්පිල
පිවිතුරු හෙළ උරුමයේ නායක,

06. පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමි
විජය ධරණී ජාතික සභාවේ සභාපති,

07. පාර්ලිමේන්තු මන්ත්‍රී, ගෙවිඳු කුමාරතුංග
යුතුකම ජාතික සංවිධානයේ සභාපති,

පිටපත්: සියලු ජනමාධ්‍ය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka