ගෝඨාගේ බාලගිරි දෝෂය අදින් අවසන්!
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයේ සිට සිංගප්පූරුව හරහා අද (02) රාත්‍රි 11.30 ට ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
අරගලකරුවන් ජනපති මන්දිරය වටලා ඉකුත් ජූලි 09 වැනිදා කළ විරෝධතාව හමුවේ ජූලි 13 වැනිදා මාලදිවයින බලා පිටව යෑමට හිටපු ජනපතිවරයාට සිදුවිය.
මාලදිවයිනේ සිට ජූලි 14 වැනිදා සිංගප්පූරුව බලා ගිය ජනපතිවරයා තායිලන්තයට පැමිණියේ අගෝස්තු 11 වැනිදාය.
එහි සති තුනක කාලයක් රැඳී සිටි රාජපක්ෂ මහතා අද (02) රාත්‍රියේ මෙරටට පැමිණෙන්නේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තහවුරු කිරීමෙන් පසුව බවද පැවසේ.
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එම ආර්යාව අයෝමා රාජපක්ෂ මහත්මිය වෙත විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.
මිරිහාන නිවසට පෙර පැවති ආරක්ෂාව ලබා දීමටත් නියෝග කර ඇත.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ගෝඨාභය මහතා ලංකාවට පැමිණෙන බවට දින නියම වුවද පසුව ඒවා කල්ගියේය.

2022-09-02T08:10:00+05:30
Gossip Lanka Hot News