ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණ දිනය අදට (26) යෙදී තිබිණ.
ඒ නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අභියස දී පැවැත්වුණු අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් ඇතුළු පවුලේ සාමාජිකයන්, මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
හිටපු කතානායක කරු ජයසූරිය, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කුමාර වෙල්ගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, ජීවන් කුමාරතුංග, ෆීලික්ස් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම උත්සවය චාම් සහ අභිමානවත් අයුරින් සංවිධානය කර තිබූ අතර, දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සමරුව සහ දිවංගත අමාත්‍ය අනුර බණ්ඩාරනායක මහතාගේ 14 වන ගුණ සැමරුම ද මෙහිදී සිදුකෙරිණි.