ශ්‍රීලනිප 14න් අටක් එළවන්න මෛත්‍රී ලෑස්තියි!
ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්‍ෂ නායකත්වය ළඟදීම විනය පියවර ගනු ඇතැයි ශ්‍රීලනිප මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශාන්ත බණ්ඩාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, අර්වින් කුමාර් සහ ජගත් පුෂ්ප කුමාර යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඇමැති ධූර ලබා ගෙන ඇත.
මොවුන් පක්‍ෂ නායකත්වයට හෝ පක්‍ෂයට දැනුම් දීමක් නොකර ඇමැති ධුර සහ රාජ්‍ය ඇමැති ධුර ලබා ගෙන ඇති බැවින් ඒ සම්බන්ධව විනය පියවරක් ගන්නා ලෙස පක්‍ෂ සාමාජිකයන් ඉල්ලීම් කර ඇතැයි ද දයාසිරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කළේය.
මේ වන විට ශ්‍රීලනිපය නියෝජනය කරමින් පොදුජන පෙරමුණ යටතේ තරඟ වැදුණු 14 දෙනෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරති.
ශ්‍රීලනිප 14න් අටක් එළවන්න මෛත්‍රී ලෑස්තියි!
2022-09-18T20:50:00+05:30
Gossip Lanka Hot News





