gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙරටට ආනයනය කරන සහල් මිනිස්සුන්ට කන්න හොද නෑ... ඒවා සුදුසු සත්ව ආහාරවලටයි - කෘෂි ඇමති

ශ්‍රී ලංකාවට විදේශයන්ගෙන් ආනයනය කරන සහල් මනුෂ්‍ය ආහාරයට නුසුදුසු ඒවා බව තම මතය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

එම ආනයනික සහල් නිෂ්පාදනය කිරීමේදී මෙරට භාවිතා නොකරන රසායනික ද්‍රව්‍ය සහ බාල පොහොර වර්ග භාවිතා කර ඇතැයිද හෙතෙම කියා සිටී. 
එනිසා ආනයනික සහල් වර්ග මනුෂ්‍යයන්ට වඩා සුදුසු සතුන්ට බවද පැවසූ ඔහු එනිසා සත්ව ආහාර ගැටලු විසඳා ගැනීම සඳහා අදාළ ගැසට් නිවේදනය ඉවත් කරගත හොත් එම සහල් ප්‍රමාණයක් සත්ව පරිභෝජනය සඳහා යොදා ගත හැකි බව ද පැවසීය.

මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් පමානය ලබා දීමට මෙරට ගොවියා ශක්තිමත් වී ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

කොළඹ දී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka