gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න වෙල්ගමගෙන් ඔත්තුවක් (VIDEO)

“දැන් කියනවා රාජපක්ෂ කෙනෙක් කෝටි 40ක ගෙයක් ගත්තා කියලා. කවුරුහරි මේක හොයන්න. මේක හෙව්වොත් රාජපක්ෂලා සදහටම ගෙදර යවනවා.” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවා.

ඒ ඊයේ (01) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.

රට වැටී තිබෙන තත්ත්වයට දේශපාලකයන්, නිලධාරින් මෙන්ම ජනතාවත් වග කිව යුතුව ඇතැයි ද වෙල්ගම මහතා සඳහන් කළා.

ජනාධිපතිට නොපෙනෙන බලවේගයක් එතුමාගේ කකුලෙන් අදින බවත් එලෙස කකුලෙන් අදින්නේ පාර්ලිමේන්තු  මන්ත්‍රීවරුන් නොවේ යැයිද මන්ත්‍රීවරු ජනාධිපතිතුමාට කැමති බවද වෙල්ගම මහතා පවසා සිටියා.

ජනාධිපතිතුමාගේ යෝජනා ක්‍රියාත්මක කළොත් නොපෙනෙන බලවේගය අප්‍රසාදයට පත් වෙන බවත් දූෂිතයන් සිටිනවා නම් ඔවුන්ට තනතුරු දෙන්න එපා යැයි තමා ජනපතිට කියන බවත් කුමාර වෙල්ගම මහතා පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වුවා.

“අපි වුණත් මාටියා ගහන්නේ නෑනේ අහුවෙන්න. කොම්පැණියක වුණත් ඉන්කම් ටැක්ස්වලට වංගු ගහනවනේ.දැන් කියනවා රාජපක්ෂ කෙනෙක් කෝටි 40ක ගෙයක් ගත්තා කියලා. කවුරුහරි මේක හොයන්න. මේක හෙව්වොත් රාජපක්ෂලා සදහටම ගෙදර යවනවා. රට වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න අපි සියලු දෙනාම ස්වෙච්ඡාවෙන් වැඩ කළ යුතුයි. අපි සියලු දෙනාම රජයට සහාය දිය යුතුයි. මම ආණ්ඩුවට යන්නේ නෑ ඒක මතක තියා ගන්න. නැතනම් හිතයි මූ මේ ඇමතිකමක් ගන්න හදනවා කියලා. මට ඇමතිකම් ඕන නෑ. අවුරුදු 7ක් ඇමතිකම් නැතිව හිටියේ. ඇමතිකම් නැතිවුණත් අපේ පැත්තේ මිනිස්සු මට මහ ඇමතිට වගේ සලකන්නේ. අපි ඔක්කොම එකතුවෙලා මේ දැල උස්සමු. දේශපාකයෝ විතරක් නෙමෙයි මේකට නිලධාරිනුත් වග කියන්න ඕන. මේකට මහ ජනතාවත් වග කියන්න ඕන. මොකද මහ ජනතාව වග කින්න ඕන අපි අගේ අය පාර්ලිමේන්තුවට යැව්වට. ඊළඟ පාර වෙනස් කරන්න ඕන. ඒ වෙනස් කරන්නෙත් නෑ.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka