රාත්‍රි සංචාරක සංස්කෘතිය හෙවත් නයිට් ලයිෆ් (Night Life) ශ්‍රී ලාංකික සමාජයට අලුත් දෙයක් නොවන බව පුරාවිද්‍යාව පිළිබඳ ජේයෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවා.
මහාචාර්ය රාජ් සෝමදේව මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ අතීතයේ රාත්‍රි සංචාරක සංස්කෘතිය පිළිබඳ පුවත්පතක් කළ විමසිමකදියි.
රටේ සංස්කෘතියද රැකගෙන ආර්ථිකය දියුණු කිරීම උදෙසා රාත්‍රි සංචාරක සංස්කෘතියක් රට තුළ ඇරඹීමට බැරිකමක් නැතැයිද ඔහු පෙන්වා දෙනවා.
අපේ සංස්කෘතිය තුළ රාත්‍රිය ගෙවන අන්දම, රාත්‍රි සංචාරක සංස්කෘතිය ලෙස හැඳින්විය හැකි යැයිද හෙතෙම කියා සිටියා.
ඊට හොඳම උදාහරණය ලෙස පණ්ඩුකාභය රජ සමයේ රාත්‍රි රාජ්‍ය විචාරීමේ අමාත්‍ය ධුරයක් ලබාදී තිබීම පෙන්වා දිය හැකි යැයි කී මහාචාර්යවරයා පණ්ඩුකාභය රජුට එරෙහිව ගිය මාමාවරුන් අතරින් ඔහුට හිතවත්ව සිටි මාමා කෙනකුට මෙම රාත්‍රි රාජ්‍ය විචාරීමේ අමාත්‍ය ධුරය පිරිනමා තිබූ බව මහාවංශය පෙන්වා දෙතැයි සඳහන් කරනවා.
රාත්‍රියේ සියලු දෙනා නින්දේ නම් රාත්‍රි රාජ්‍ය විචාරීමේ අමාත්‍ය ධුරයක් අවශ්‍ය නොවන බවත් එවන් අමාත්‍ය ධුරයක් පැනවූයේ රාත්‍රි සංචාරක සංස්කෘතියක් පැවැති නිසා බවත් කියා සිටියා.
පුරාණ රෝම කාසි හා වයින් භාජන හමුවීමෙන්ද එම සංස්කෘතියද රට තුළ තිබූ බව තහවුරු වන්නේ යැයි හෙතෙම සඳහන් කළා.
හියුන් සාං, පාහියන් වැනි හිමිවරුන්ද, ථෙරවාදය සොයා ආ සංචාරකයන් බව කී මහාචාර්යවරයා ඔවුන්ගේ සටහන් හා වාර්තා ද රටේ සංචාරක සංස්කෘතිය ගැන බොහෝ දේ සඳහන් වන බවද කියා සිටියා.