gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

යළි දේශපාලන ගමන ගැන ගෝඨා තීන්දුවක් අරන්! ගංගාරාමයේදී ආශිර්වාදත් ගනී!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පැමිණෙන්නැයි ඉල්ලීම් රැසක් ලැබී තිබෙන බව වාර්තා වනවා.

කෙසේ වෙතත් කිසි විටෙකත් දේශපාලනයට සම්බන්ධ නොවී සාමාන්‍ය දිවි පෙවතක් ගත කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. 
මේ අතර තායිලන්තයේ සිට මෙරටට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දෙසතිය පුරා කොළඹ මලලසේකර මාවතේ නිල නිවෙසේ රැඳී සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා හිතවතුන් විශාල පිරිසක් දිනපතා පැමිණි බව වාර්තා වනවා.

ඒ අතරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ආදී ආණ්ඩුවේ ප්‍රධානීන් ද ඇතුළත්.

මීට අමතරව පළාත් පාලන ආයතන නියෝජිතයින් පවා විශාල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැකබලා ගැනීමට පැමිණ තිබෙනවා.

ඇතැම් පිරිස් කණ්ඩායම් වශයෙන් එක්වී රාජපක්ෂ මහතා හමුවීමට පැමිණීම ද විශේෂත්වයක්.

ඉකුත් පොහෝ දින හුණුපිටිය ගංගාරාමයට පැමිණ ආගමික වතාවත් සිදු කරන ලෙසට විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇරියුමක් ලැබී තිබුණා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා පොහෝදා රාත්‍රියේ සිය බිරිඳ සමඟ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත් සිදු කළා.

ආචාර්ය කිරින්දේ අස්සජී හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය එම අවස්ථාවේදී සෙත් පිරිත් සජ්ඣායනා කොට හිටපු ජනාධිපතිවරයාට හා ඔහුගේ බිරිඳට ආශිර්වාද කර තිබුණා. පොහෝ දින සිල් සමාදන් වී සිටි බැතිමතුන් ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වී ඇති අතර ඇතැම් අය හිටපු ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදු වූ දෑ පිළිබඳව කනගාටුව පළ කර තිබෙනවා.

ඉකුත් බදාදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නෙලුම් කුලුන පරිශ්‍රයට පැමිණියා. නෙලුම් කුලුන ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඒ අනුව නෙළුම් කුලුනේ ඉහළට ගොස් නිරීක්ෂණය කළ හිටපු ජනාධිපතිවරයා සුහද කතාබහකින් අනතුරුව එම ස්ථානයෙන් නික්ම ගොස් තිබූ බවයි වාර්තා වුණේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka