gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති, ජවිපෙ ප්‍රබලයෙකු එක්ක සාකච්ඡාවක! දෙන්නම දැන් ඉන්නේ එකම මතකයකලු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ජනාධිපතිවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මෑණියන්ගේ අවමංගල්‍ය අවස්ථාවට සහභාගිවීමට පැමිණී අවස්ථාවේදීයි. 
මෙම අවස්ථාව සඳහා බොහෝ මැති ඇමතිවරු පැමිණ සිටි අතර එහිදී පැමිණ සිටි පිරිස සමඟ කතාබහක නිරත වීමටද ජනපතිවරයා කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හඳුන්නෙත්ති මහතා ජනපතිට මුණගැසී ඇති බව වාර්තා වනවා.

එහිදී හඳුන්නෙත්ති මහතා සහ ජනාධිපතිවරයා අතර කතාබහන් ඇතිව තිබෙනවා. ඒ පසුගියදා පාර්ලිමේන්තුවේ අයවැය කතාවේ හදුන්නෙත්ති මහතාගේ ප්‍රකාශයක් ජනපති උපුටා දැක්වීම පිළිබඳවයි.

සුනිල් හඳුන්නෙත්ති මහතා මෙහිදී ජනපතිට පවසා ඇත්තේ එම උපුටා දැක්වීම නිසාවෙන් බොහෝදෙනා තමන්ගෙන් තොරතුරු විමසන බවයි.

මීට පිළිතුරු දෙමින් ජනපතිවරයා පවසා ඇත්තේ රජය ව්‍යාපාර නොකළ යුතුය යන අදහසින් තමා එම උපුටා දැක්වීම සිදුකළ බවයි. එම කරුණු සම්බන්ධව හඳුන්නෙත්ති මහතාගේ ස්ථාවරයම තමා දරන බවද ජනපතිවරයා මෙහිදී පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් පසුගිය සතියේදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ආණ්ඩුවට දැඩි චෝදනා එල්ල කරනු දැකගත හැකි විය.

පවතින අර්බුදකාරී වාතාවරණය යටතේ ජනතාව කැමැති පාලනයක් තෝරා ගැනීමට වහාම ඉඩ සලසා දියයුතු බව හදුන්නෙත්ති මහතා කියා තිබුණා. ඔහු මාධ්‍ය හමුවේ පවසා තිබුණේ “පවු නොදී දැන්වත් ජනතාවට තමන් කැමැති පාලනයක් ඇතිකර ගැනීමට ඉඩ ලබාදෙන” ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka