gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රසන්නගේ මිනුවන්ගොඩ පදාසයක් ගැලවෙයි! මීට පස්සෙ පොහොට්ටුවේ කිසිම සාකච්ඡාවකට නගරාධිපතිත් නෑ! නාගරික මන්ත්‍රීවරුත් නෑ! අද ඒකමතික තීන්දුවක් අරන්!

ගෙවල් ගිනි තියලා මාස 04යි. ඉන්න හිටින්න තැනක් නෑ. දරුවන්ගෙ අධ්‍යාපනය විනාසයි. අපට වෙච්චි අපරාධය ගැන වචනයක් කතා කරන්නෙ නැතිව පක්ෂය ගොඩදාන හැටි කතා කරන්න පක්ෂ මූලස්ථානයට ගෙන්වනවා. 
ලොක්කන්ට හානි පූර්ණය කරනවා නම් අපිට ඒ වගේ දෙගුණයක් ගෙවන්න වේවි. සත පහක් ආණ්ඩුවෙන් හොරකම් කරගෙන නෙමෙයි අපේ ගෙවල් දොරවල් හැදුවේ.

මින් පසු පොදුජන පෙරමුණේ කිසිම පක්ෂ කටයුත්තකට මිනුවන්ගොඩ නගරසභාවේ සභාපති ලෙස තමාත්, තම මන්ත්‍රීවරුනුත් සහභාගී නොවීමේ තීරණයක් ගැනීමට සූදානම් බව මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර අද (13) මිනුවන්ගොඩ නගරසභා සැසිවාරයේ දී පැවසුවේය.

නිවාස ගිනිතබා සියලු දේ නැතිවූ පසු යන එනමං නොමැතිව අන්ත අසරණ වී සිටින තමන් ඇතුළු පොදුජන පෙමුණේ ප්‍රාදේශීය දේශපාලකයන්ට සිදුවූ සමාජ ව්‍යසනය පිළිබඳ එක් වචනයකින් නොවිමසා පක්ෂ මූලස්ථානයට කැඳවා පක්ෂය සංවර්ධනය කිරීම ගැන විමසන මේ දේශපාලකයන් සම්බන්ධයෙන් ඇත්තේ දරාගත නොහැකි කලකිරීමක් බව ඔහු එහිදී විවෘතව ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ පොදුජන පෙරමුණේ නායකයාටත්, පක්ෂයේ ඉහළම තැනටත් මේ කතාව කණේ තියන ලෙසත්, ලොකු කතා කීවාට කිසිම තේරුමක් නැති බවත් සභාපතිවරයා පැවසුවේය.

එහිදී ඔහු මේසේ ද කීවේය.

”අපට තියන වේදනාව අපි මිනිස්සුන්ට කිය කියා පස්සෙන් ගියෙ නෑ. මට ඉන්න හිටින්න තැනක් නෑ. මගෙ දරුවන්ගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. තුන්වැනි දරුවට යන්න පාසලක් නෑ. මම කුලියාපිටියට ගියා ඉන්න හිටින්න තැනක් නැති නිසා. අපට වෙලා තියන හරිය කියාගන්න වචන නෑ.”

”අද වෙනකම් අපේ පක්ෂය අපෙන් ඇහුවෙ නෑ මොකද කරගත්තෙ කියලා. කිසි කෙනෙක් කතා කළේ නෑ. සභාපතිවරු ලෙස අපව පක්ෂ මූලස්ථානයට කැඳෙව්වා. අපට වෙච්චි දේ ගැන වචනයක් අහන්නෙ නැතිව පක්ෂයේ ඉදිරි සංවර්ධනය ප්‍රගතිය ගැන කතා කරනවා.”

”අපි තීරණයක් ගනිමු. අපට ඔය පක්ෂයෙ වැඩවලට එන්න කිව්වාම අපි තිරණයක් අරන් අපේ පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඒවට යන්නෙ නැතිව ඉඳිමු.”

”ලොකු කතා කිව්වට බෑ. වෙන්න ඕන අසාධාරණය අපට වෙලා ඉවරයි. අපට සාධාරණය ඉටුවන තුරු පක්ෂයේ කිසිම වැඩකට සම්බන්ධ නොවී හිඳිමු.”

”මගෙ මේ කතාව ඉස්සරවෙලාම ගිහින් කණේ තියයි ඉහළම දේශපාලන අධිකාරියට. මට කමක් නෑ. කවුරු මොනව කිව්වත් මට කමක් නෑ. මිනුවන්ගොඩ නායකයට කිව්වත් කමක් නෑ.”

”අපි ජීවත් වෙන්නෙ අන්ත අසරණ තත්ත්වයක. බැංකු ණය අරන් මගෙ නිවස හදාගෙන අවුරුදු 10කට පස්සෙයි මම නගරාධිපති වෙන්නෙ. මම මගෙ දරුවන්ට මහජන දේපල හොරා කාලා කන්න දීලා නෑ.”

”ඒ මිනිස්සුන්ට හානි පූර්ණය කළා නම් ඒ වගේ දෙගුණයක් අපට සහන සලසන්වන්න ඕන.”

එම සභාව තුළම පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී දීපාල් ගුණවර්ධන ප්‍රකාශයක් කරමින් කීවේ ප්‍රසන්න රණතුංග මිනුවන්ගොඩ නායකයා තමන්ට කතාකර ඉන්න තැන පරිස්සමින් ඉන්න ලෙස උපදෙස් දුන් බවය.

”අපේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා. වාහන ගිනි තිබ්බා. ඒත් අපේ ආණ්ඩුව නිකම් ගෙනත් ඇහුවෙ නෑ උඹලට මොකද වුනේ කියලා.”

”ඔබ දැනගත යුතුයි. අපේ ගෙවල් ගිනි තියලා දැන් මාස හතරක් වෙලා. වන්දි නෙමෙයි උඹලට මොකද වුනේ කියලා පක්ෂයෙන් අහලා නෑ.”

”දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමයි. නමුත් ආණ්ඩුවේ පරිපාලනය කරන්නේ පොහොට්ටුව.”

”ප්‍රසන්න රණතුංග අපේ පාළාතෙ නායකයා. අපේ ගෙවල් ගිනි තියපු වෙලාවෙ ඔහු කිව්වෙ ඉන්න තැන පරිස්සමින් ඉන්න කියලා.”

”මේ ප්‍රශ්නය සභාවෙ කතා කළේ ගෙරද ප්‍රශ්නය ගෙදරදි විසඳගන්න උත්සාහ කරලා බැරිම තැනයි. ඒ නිසා සභාවක් ලෙස මන්ත්‍රීවරයෙක් ලෙස රටට කියන්න ඕන.”

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka