මගේ කාලෙ මිනිස්සු කාලා බීලා සතුටින් හිටියා... එදා බඩු මිලත් අඩුයි පඩියත් වැඩියි - හිටපු ජනපති
අද පවතින ප්‍රශ්න කිසිවක් තම පාලන කාලයේදී නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
‘‘ඒ කාලේ බඩු මිලත් අඩුයි, පඩියත් වැඩියි. මිනිස්සු දෙයියන්ගේ පිහිටෙන් කාලා බීලා හිටියා. මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩු බිහිවන්නේ නැහැ. ඒ නිසා මම ඉතාමත් ප්‍රගතිශීලී පක්ෂ ඒකරාශි කරගනිමින් සන්ධානයක් පිහිටුවා ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.කොළඹ ආශ්‍රිතව අධි ආරක්ෂිත කලාප වෙන් කිරීම යහපත් තත්ත්වයක් නොවෙයි. ඒ හරහා සිදුවන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතාවගේ නැගී සිටීම වැඩිවීම පමණයි.’’
මගේ කාලෙ මිනිස්සු කාලා බීලා සතුටින් හිටියා... එදා බඩු මිලත් අඩුයි පඩියත් වැඩියි - හිටපු ජනපති
2022-09-27T16:14:00+05:30
Gossip Lanka Hot News






