gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගණිකා වෘත්තිය සහ කංසාත් නීතිගත කර දියුණු වුන බෞද්ධ තායිලන්තය වගේ අපට හිතන්න බැරි ඇයි? - ඩයනා අසයි!

රටක සංවර්ධනය යනු ආගම හා සංස්කෘතිය නොවන බැවින්  රට දියුණුව කරා යන ගමනේ දී     සංස්කෘතිය සහ ආගම පටලවා නොගත යුතු බවත් බෞද්ධ රටක්වන තායිලන්තයේ කංසා වගේම ගණිකා වෘත්තියත් නීතිගත කර ඇති බව සිහිපත් කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසයි.

ගණිකා වෘත්තිය හා ගංජා භාවිතය නීතිගත කර ඇති තත්ත්වයක් තුළ තායිලන්තය විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයන බව පෙන්වා දෙන අමාත්‍යවරිය ඔවුන්ගේ ආගමට සංස්කෘතියට  ඉන් කිසිම බාධාවක් වී නැති බව පෙන්වා දෙයි.

අරුණ පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය  වැඩිදුරටත් කියන්නේ අප වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් සංස්කෘතියක් ගැන කතා කරමින් හිඟා කන බංකොලොත් ජාතියක් බවට පත් වී ඇත්තේ මෙවැනි රැඩිකල් තීන්දු ගැනීමට නොහැකි වීම නිසා බවය.

එහෙත් වත්මන් තරුණ පරපුර ගැන තමන් ආඩම්බරවන බව පවසන ඩයනා ගමගේ ඔවුන් ඉල්ලන සිස්ටම් චේන්ජ් එක මෙම සම්ප්‍රදායික සිතිවිලිවලින් මිදී යෑමෙන් ලබා ගත හැකි බව කියයි.

ඇය එම සම්මුඛ සාකච්ඡාවේ දී මෙසේද පවසයි.

“තායිලන්තය කියන්නෙත් බෞද්ධ රටක්. ඒ ආගමටවත් සංස්කෘතියටවත්  රටේ සංවර්ධනය කිසිම බලපෑමක් එල්ල කරලා නෑ.“

“අපේ රටේ බොහෝ දෙනා දෙනෙක්  ආගමයි සංස්කෘතියයි විකුණගෙන කන  ගමන් මේ රට අවුරුදු ගාණක් ආපස්සට  ඇද්දා. මේ  මොහොතේත්  එය නතර වෙලා නෑ.“

“කංසාවලට බාධක පනවලා තිබුණා කියලා අපේ රටට හොඳක් වෙලා තියෙනවාද? කංසා  නීතිගත නොකළ අපේ රටේ පාසල් ළමයි  අයිස් වගේ විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි  වෙලා. අවුරුදු 15ක පාසල් දරුවෝ පවා අයිස්වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා  ඉන්න අපේ රටේ සමාජය දැන්  හොඳයි ද?.“

‘කංසා තහනම් කරලා තියෙද්දිත්  අපේ රටේ පිරිසක් කංසා පාවිච්චි  කරනවා. ඒ පාවිච්චි කරන කංසා ගෙන්නන්නේ කොහෙන්ද? කෝටි  ප්‍රකෝටි ගණන් අපේ සල්ලි  වියදම් කරලා කේරළයෙන් ගංජා ගෙන්වනවා. කේරළ  ගංජා කියන්නේ මොනවටද?  සම්පූර්ණයෙන්ම රසායනික  අඩංගු කරලා මත්වෙන්න හදලා තියෙන කංසා  වර්ගයක්.“

“අද අපේ රටේ ඒවා  පාවිච්චි වෙනවා. මම කංසා නීතිගත කරන්න කියලා කියන්නේ රට වටේට  කංසා බිබී ඇවිදින්න නිදහස දෙන්න කියලා  කියන්න නෙමෙයි. කංසා  කියන්නේ අවුරුදු 600 ක  පමණ ඉතිහාසයක් තියෙන  අපේ රටට ආවේණික  පැළෑටියක්. ලෝකයේ  වෙනත් රටවල  කංසා වාණිජ  භෝගයක් හැටියට පිළිගන්නවා.“

“නමුත්  අද අපේ රටේ වාණිජ භෝගයක් නෑ. තේ වලින් වගේම රබර් පොල් වලිනුත් වෙනත්  රටවල් ලංකාව අබිබවා ගිහින්. අද අපේ  රටට මොනවත් නෑ. රසායනික මත්ද්‍රව්‍ය අපිට පුරුදු කරන්න වුවමනා නිසා තමයි අපේ රටේ කංසා  තහනම් කළේ. නමුත් කංසා හොඳ වේදනා නාශකයක්.  කංසා  පැළේ ප්‍රයෝජනයට  අරගෙන අපිටම  ආවේණික වේදනා  නාශකයක්  හදන්න අපිට  බැරි ඇයි?

කංසා  මත්ද්‍රව්‍යක් හැටියට  පාවිච්චි කිරීම  සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අවශ්‍යය නීති රීති  ක්‍රියාත්මක කරන ගමන්  කංසා මේ රටේ වාණිජ භෝගයක් බවට  පත්විය යුතුයි කියන කාරණාව මා මතු කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka