අගෝස්තු 25 වනදා ප්‍රදානය කරන ලද ගල්අඟුරු ටෙන්ඩරය විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කැබිනට් මණ්ඩලය විසින් ඊයේ (22) දිනයේ අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසුවේ තෝරාගන්නා ලද සැපයුම්කරු අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ අදාළ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීම කළ නොහැකි බවය.
එහි සඳහන්ව ඇත්තේ නීතිමය මැදිහත්වීම් සහ ගෙවීම් සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් තම සමාගම මෙම තීරණය ගන්නා බවය.
අමාත්‍යවරයා තවදුරටත් පවසා ඇත්තේ අමාත්‍යාංශය විසින් දීර්ඝකාලීනව ගල්අඟුරු ලබාගැනීම සඳහා අලුත් ටෙන්ඩරයක් සඳහා නිවේදනයක් නිකුත් කරන බවය.
දැනට මතුව ඇති ගල්අඟුරු හිඟය මගහරවා ගැනීම සඳහා පසුගිය වසරේ නිකුත් කර ඇති ටෙන්ඩරයට අනුව ලැබීමට නියමිත ගල්අඟුරු තොග කඩිනමින් ගෙන්වාගැනීමට පියවර ගන්නා බවද ඔහු සිය ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සටහන් කර ඇත.