gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තෙල් සංස්ථාව වසා තිබියදීත් අතිකාල ගත්තු යක්ක පුත්තු

අවසන් වරට කළ තෙල් පිරිපහදු නඩත්තුවේදී කොවිඩ් වැලඳුණු සේවකයන්ට ගෙවූ අතිකාල දීමනා යළි අයකර ගැනීමට අමාත්‍ය කාංචන විජේසේකර උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙනවා. 
ඒ ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදුකල විගණනයකින් අනතුරුවයි.

එක් සේවකයකුගේ වැටුපෙන් රුපියල් පනස්දහසත්, හැත්තෑදහසත් අතර මුදලක් මේ මාසයේ වැටුපේ සිට අයකර ගැනීමට යෝජනා වී ඇති බවයි වාර්තා වෙන්නේ.

අවසන් වරට 2021 මුල් කාර්තුවේදී  මෙම නඩත්තුව සිදු කර ඇති අතර කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමත් සමග මෙම කාර්යට එක්වූ පිරිපහදු සේවකයන් 600 ක් කොවිඩ් වැලඳී රෝහල් ගතකර තිබුනා.

මෙහි නඩත්තු කටයුතු නිමවීමත් සමග කොවිඩ් වැලඳුණු අයටද මෙහිදී අතිකාල ගෙවීමට තීරණය කර තිබෙනවා.

සේවකයන් පවසන්නේ තමන් වැඩිපුර අතිකාල ලබා නොගත් බවත්, සේවය කළ කාලයට පමණක් වැටුප් ලබාගත් බවයි.

යම් හෙයකින් වැටුපෙන් අදාළ මුදල් කපා ගැනීමට පියවර ගතහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සේවකයන් කළමනාකාරීත්වයට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.

- nethgossip


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka