gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

2005දී කොටි එක්ක ඩීල් දාලා පැරැද්දුවේ නැත්නම් එදා ජනාධිපති රනිල්... එමෙනම් අද ලංකාව දියුණු, බලගතු රටක් - චාමර සම්පත්

ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහාතා ප්‍රථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාරගන්නා ලදි.
එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මෙසේ පැවසීය.

“රට බංකොලොත් වෙලා රටේ ජනතාව ජිවන වියදම ඉහළ ගොස් ආර්ථික සුලි කුණාටුවෙන් බැට කන මොහොතක රාජ්‍ය අමාත්‍යවරුන් 37 ක් පත් කිරිම ගැන විපක්ශය විවේචන එල්ල කරනවා. හැබැයි ඒ අයට අමතක වෙලා මේ සියලු රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනාම මේ තනතුරු බාරගත්තේ මන්ත්‍රි වැටුප පමණක් ලබාගෙන ජනතා සේවය කිරිමේ අදිටහනින් බව.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා සාර්ථක ප්‍රයෝගික දැක්මක් සහිත රටට අවැසි නායකයෙක් බව එතුමන් මේ කෙටි කාලය තුල හොදින්ම පෙන්වා දි තිබෙනවා’

දේශපාලන කුමන්ත්‍රණකරුවන් 2005 වර්ශයේදි ත්‍රස්ත්‍රවාදින් සමග ඩීල් දමා උතුරු පළාතේ ජන්ද වර්ජනය නොකලා නම් 2005 වසරේ පැවති ජනාධිපතිවරණයෙ රනිල් වික්‍රමසිංහ මහාතා ගේ ජයග්‍රහණය නියත බවත් එතුමන් එවකට ජනාධිපති ධුරයට පත් වුවා නම් ලංකාව ලෝකයේ ඉතා දියුණු බලගතු රාජ්‍යයක් වීමට ඉඩ තිබු බව හෙතෙම පැවසීය.

“ලබන 2023 වසරේ පෙබරවාරි මාසයෙන් පසු ජනාධිපති තුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහා මැතිවරණයක් කැදවයි කියලා සමගි ජන බලවේගයේ අය දවල් හීන දකිනවා ජනාධිපති තුමා අපේ ආන්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට පොරොන්දු උනා 22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිමෙන් පසු කාරක සභා අවස්ථාවේදි පාර්ලිමේන්තුව පත් වි වසර 4 1/2 යන තුරු ජනාධිපතිවරයාට විසුරුවා හැරිමට නොහැකි බවට සංශෝධිත වගන්තියක් ව්‍යවස්ථා සංශෝධනයට ඇතුලත් කරන බව.රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා අනුහස් ඇති නායකයෙක් එතුමා ජනාධිපති වු පසුව ලෝකයේ දස දෙසින් ආධාර මෙරටට ගලා එන්න පටන් ගත්තා.එතුමා 2023 පෙර රට ආර්ථික අර්බුදයෙන් ගොඩගනු ඇතැයි මට නම් ඉරහද වගේ විශ්වාසයි. බණ්ඩක්කා ප්‍රතිපත්තියෙන් මිදුනු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා වගේ කෙනෙක් අපේ නිදහස් පක්ශයේ නායකත්වයට පත් වෙන්න අවශ්‍යයි.දයාසිරිලා,අමරවීරලා ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ නායකත්වය ගන්න දත කට මැදන් ඉන්නවනම් අපි ඒ අයට මතක් කරන්න ඕන පක්ශයේ නායකත්වය ගන්න දේශාපාලන පරිනත භාවය වගේම අධ්‍යාපන සුදුසුකමත් ඉතා වැදගත් බව.”

– මාධ්‍ය ඒකකය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka