gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චොකා මල්ලි ඇමතිකමක දිවුරයි!

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ජනාධිපතිවරයා ඉදිරියේ වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව මේ වනවිට දිවුරුම් දී ඇති සමස්ත රාජ්‍ය අමාත්‍යවරු ගණන 38කි. 
දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි සිය අමාත්‍යාංශයේ දී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය රාජකාරි භාර ගෙන තිබේ.

1997නිවිතිගල ප්‍රදේශීය සභාවේ සභාපති ලෙස පත් වූ ඔහු, 2001 මහමැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට තේරි පත්විය.

මහවැලි සංවර්ධන හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත් වූ ඔහු 2005 දී ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලෙස ද 2007 ග්‍රාමීය කර්මාන්ත ( කැබිනට් නොවන ) අමාත්‍ය ලෙස පත් වූ 2010 දී විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ලෙස පත්වුණි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka