gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහ බැංකු අධිපතිට කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ බැණුම් (VIDEO)

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා වැඩ කරන්නේ මේ රටේ ජනාධිපති තමන් යැයි සිතාගෙන බව ලංකා එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර මහත්මිය සඳහන් කරයි. 
මහ බැංකු විසින් ගන්නා ලද මොලයක් නැති තීරණ නිසා රටේ සමස්ත ව්‍යාපාර පද්ධතියම විනාශ වී ඇතැයි ද ඇය කියා සිටියි.


මහ බැංකුව අද වැඩ කරන්නේ බහු ජාතික සමාගම් වලට උවමනා විදිහට බවත් සාමාන්‍ය ජනතාව විනාස කර බහුජාතික සමාගම් තවත් සතුටු කරන බවටත් ඇය චෝදනා කරයි.

නන්දලාල් වීරසිංහ මහතාට ද යන්න වෙන්නෙ හිටපු අධිපති නිවාඩ් කබ්රාල් මහතා ගිය පාරේම බවත් ඇය කියා සිටියි.

දේශීය ව්‍යාපාරිකයන් විනාශ වීම හරහා සිදු වන්නේ මේ රටේ සියලු බැංකු පද්ධතිය බිඳ වැටීම බවත් ඇය පෙන්වා දෙයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඇය මෙම අදහස් පල කර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka