gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෑගලු තරුණිය මැරූ පිස්තෝලයේ සජබ සංවිධායකයේ ඇගිළි සලකුණු!

සමඟි ජන බලවේගයේ කෑගල්ලේ පිහිටි කාර්යාලයක කාමරයක් තුළදී සිදු වූ තරුණියකගේ මරණය සජබ කෑගල්ල සංවිධායක ලක්ෂ්මන් දිසානායක මහතා විසින් තැබූ වෙඩිල්ලකින් සිදු වූවක් බව විමර්ශනවලින් මේ වන විට තහවුරු වෙමින් ඇතැයි වාර්තා වේ.

එය තහවුරු කිරීමට හැකි පරිවේෂණාත්මක සාක්ෂි රැසක් ලැබී ඇති බවත් ගිනි අවියේ ඇඟිලි සලකුණු වාර්තාව ඉදිරි දින කිහිපය තුළ ලැබුණු පසු ලක්ෂ්මන් දිසානායක මහතාට එම ඝාතන චෝදනාවෙන් ගැලවිල්ලක් නැති බවත් පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ලක්ෂ්මන් දිසානායක මහතා ඝාතනය වූ තරුණිය සමඟ කාමරයේ කථාබස් කරමින් සිට ඇති බව මෙතෙක් කර ඇති විමර්ශනවලින් සහ පරිවේෂණාත්මක සාක්ෂිවලින් හෙළිව ඇතැයි ද පැවසේ.

මුලින්ම කාමරයට ගොස් ඇත්තේ ලක්ෂ්මන් දිසානායක මහතා බවත් පසුව එම කාමරයට ඇතුළු වී ඇත්තේ තරුණිය බවත් තහවුරු වී තිබෙන බව ද මාධ්‍ය වාර්තාවල දැක්වේ.

තරුණිය කාමරයේ ඇඳ මත අසුන්ගෙන ලක්ෂ්මන් දිසානායක මහතා සමඟ කථාබහක නිරතව සිට ඇති බවත් පසුව දෙදෙනා අතර ඇතිවූ යම් ආරවුලක් හේතුවෙන් ඇඳ මත අසුන්ගෙන සිටි තරුණිය දෙසට වෙඩිල්ලක් තබා තිබෙන බවත් විමර්ශනවලින් හෙළිව තිබේ.

එම වෙඩිල්ල තබා ඇත්තේ තරුණිය අසුන්ගෙන සිටියදී ඇයගේ හිසට ඉහළින් සිට බවත් වෙඩිල්ල වැදී ඇත්තේ ඇගේ ගෙල ආසන්නයෙන් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

වෙඩිල්ල ගෙලට පහළින් වැදී පපු ප්‍රදේශය හරහා ගමන් කර ඇති බව ද අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන බව ද පොලිසිය කියයි.

එම මරණය ඇය විසින් වෙඩි තබාගෙන කරගත් සියදිවි හානි කර ගැනීමක් නොවන බව විමර්ශනවලින් සහ විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනීයන බව ද පැවසේ.

ඇගේ මරණින් පසු ගිනි අවිය ඇගේ අත තබා එය සියදිවි හානි කර ගැනීමක් බවට ඒත්තු ගැන්වා ඇති බව ද පොලිසිය කියයි.

ගිනි අවියේ ඇඟිලි සලකුණු කිහිපයක්ම සටහන්ව තිබී හමු වී ඇති බවත් එම ඇඟිලි සලකුණු නිරීක්ෂණයේදී එය ඝාතනයට ලක්වූ තරුණියගේ නොවන බව පැහැදිලි වී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව ලක්ෂ්මන් දිසානායක මහතාගේ ඇඟිලි සලකුණු සැසඳීම සඳහා ලබාගෙන ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එහි වාර්තාව ලැබීමෙන් පසු මේ ඝාතනයේ තවත් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය කියයි.

ඝාතනය වූ තරුණිය ලක්ෂ්මන් දිසානායක මහතා සමඟ වසර 10කට ආසන්න කාලයක් තිස්සේ ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ තරුණියකි.

ඇය එම පක්ෂ කාර්යාලයේ සේවය කර ඇති අතර ලක්ෂ්මන් දිසානායක මහතාගේ ව්‍යාපාරවල ගනුදෙනු සම්බන්ධයෙන් සටහන් තැබීම් ද කරගෙන ගොස් ඇත්තේ ඇය විසින් බවට තොරතුරු විමර්ශනවලින් පොලිසියට ලැබී ඇත.

මේ තරුණිය ග්‍රාම නිලධාරියකු සමඟ විවහා ගිවිස ගැනීමට නියමිතව සිට ඇති බවත් එම විවාහයට ලක්ෂ්මන් දිසානායක මහතා විරෝධයක් දැක්වීමක් මුල්කරගෙන දෙදෙනා අතර ආරවුලක් තිබී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මේ ඝාතනය වී ඇති බව පෙනී යන බවත් පොලිසිය සඳහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka