gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව බංකොලොත් කළ අය නීතිය ඉදිරියට ගේන්න! ජිනීවා මහකොමසාරිස්‌ගෙන් අලුත් චෝදනාවක්!

ශ්‍රී ලංකාව බංකොලොත් කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාව පිළිබදව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාව තුළ මේ කරුණ අඩංගු වී තිබේ.

මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය සැප්තැම්බර් මාසයේ 12 වන දා සිට ඔක්තෝබර් 07 වන දා දක්වා ජිනීවාහිදී පැවැත්වීමට නියමිතය.

ඊට සහභාගී වීම සදහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ වන විටත් ජිනීවා බලා පිටත්ව ගොස් තිබේ.

ශිෂ්ඨ සම්පන්න ලෝකය විසින් පිළි නොගන්නා දැඩි නීති භාවිතා කිරීම සහ සාමාකාමී විරෝධතා මර්දනය කිරීම අත්හිටුවන ලෙස මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර තිබේ.

එමෙන්ම විශ්වසනීය සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් ගොඩ නගන ලෙස රජයට බල කර සිටින මානව හිමිකම් කොමිසම් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ෂණ ප්‍රගතියකින් තොරව ඇදී යාම පිළිබදව සිය කණස්සල්ලද පළ කර තිබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka