ඇමති දෙදෙනෙක් එලිපිට හැප්පේ!
විදේශ රටවලින් මෙරටට ආනයනය කර ඇති සහල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කරන ලද ප්‍රකාශය වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු මහතා ප්‍රතික්ෂේප කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කරන සියලු සහල් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බවට සියලු පරීක්ෂණවලින් තහවුරු ඇති බවයි.
නමුත් කෘෂිකර්ම අමාත්‍යවරයා කුමන පදනමකින් එම ප්‍රකාශය කළේ දැයි තමන් නොදන්නා බවත් ඔහු සතුව එවන් වාර්තාවක් ඇත්නම් ඒවා ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.
සත්ව ආහාර සඳහා මෙරටට සහල් අානයනය කර නැති බවද වෙළඳ අමාත්‍යවරයා පැවසීය.
ඇමති දෙදෙනෙක් එලිපිට හැප්පේ!
2022-09-15T15:29:00+05:30
Gossip Lanka Hot News






