ගෑස් ගන්න ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලින් කෝටි 130ක් හොරකම් කරලා!
මෙරට පැවති දැවැන්ත ගෑස් හිගය සමනය කර ගැනීමට ලෝක බැංකුවෙන් ලබා දුන් ආධාරයෙන් රුපියල් කෝටි 130 ක මුදලක් එක්තරා පිරිසක් විසින් ගසා කා ඇතැයි හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සදහන් කරයි.
ඩොලර්ට 36කට ගැනීමට තිබූ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 129කට මිලදී ගැනීමට ගැසූ ගිවිසුම හේතුවෙන් මෙම වංචාව සිදුව ඇතැයි ද හෙතෙම පැවසීය.
රට අමාරුවේ වැටුණු අවස්ථාවේ ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලත් ගසාගෙන කන තැනට එම කණ්ඩායම පත්ව ඇතැයි ද පැවසූ ඔහු මෙම මුදල ගත්තේ කවුද බෙදුවේ කාටද යන්න අහිංසක ජනතාව නොදන්නා බවද පැවසීය.
ඔහු මේ බව පැවසුවේ මහනුවරදී පැවති ‘නිදහස් ජනතා සභාව’ අමතමිනි.
ගෑස් ගන්න ලෝක බැංකුවෙන් දුන් ආධාර මුදලින් කෝටි 130ක් හොරකම් කරලා!
2022-09-12T11:09:00+05:30
Gossip Lanka Hot News





