පොලොන්නරුව මඩකලපුව දුම්රිය මාර්ගයේ වැලිකන්ද රිදිතැන්න සිට වාලච්චේන දක්වා දුම්රිය රක්ෂිතය සංවිධානාත්මක පිරිසක් විසින් බලහත්කාරයෙන් මෙන්ම අනවසරයෙන් අත්පත් කරගෙන එහි ස්ථිර භෝග සිටුවා ස්ථිර ඉදිකිරීම් සිදුකරමින් ඇති බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව සඳහන් කරයි.
පසුගිය දා ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රදේශයේ සංචාරයකට පැමිණ දුම්රිය රක්ෂිත ඉඩම් තාවකාලික බෝගවගාවකට පර්චස් එකක් රුපියල් සියය බැගින් ලබාදෙන බවට පැවසීමත් සමග මෙලෙස දුම්රිය රක්ෂිත ඉඩම් කොල්ලය ආරම්භ වී ඇති බව එම සංඝ සභාව පෙන්වා දෙයි.
සංවිධානාත්මක පිරිස් විසින් අල්ලාගෙන ඇති දුම්රිය රක්ෂිතවල ස්ථිර ඉදිකිරීම් කරමින් පොල් ඇතුළු ස්ථිර බෝග වගාව අරඹා ඇති බවත් පූනානි ප්‍රදේශයේ වන අලි ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයත් අවහිර කරමින් ඉදිකිරීම් සිදුකර ඉඩම් සඳහා මායිම් සිටුවා ඇති බවත් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අද (12) මාධ්‍යයට දැනුම් දුන්නේ එම ප්‍රදේශයේ කරන සංචාරකයක් අතරතුරය.
මඩකලපුව, වාලච්චේන, ඔට්ටමාවඩි, පුනානි, අක්කරේපත්තු ඇතුළු ප්‍රදේශවලින් පැමිණි කිසියම් පිරිසක් මෙසේ වැලිකන්ද රිදීතැන්න සිට වාලච්චේන දක්වා බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන ඇතැයි වාර්තා වේ.
එසේ අල්ලාගත් ඉඩම් කට්ට් 250ක් පමණ එම ප්‍රදේශයේ ඇතිබව රාහුලාලංකාර නාහිමියෝ කීහ.
අප මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ කිසිදු අයුරකින් ඔවුන්ට ඉඩම් වෙන්කර ගැනීමට අවසර ලබාදී නොමැතිව බවය.
එහෙත් ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ තේරිම් අනුව මුදල් ලබාගනිමින් අනීතික ලෙස මෙම ඉඩම් ලබාදීමට කටයුතු කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවෙ නිලධාරීහු පැවසූහ
ආණ්ඩුපක්ෂයේ ඇතැම් ප්‍රාදේශීය දේශපාලඥයින් විසින් දුම්රිය රක්ෂිත පර්චස් එකක් ලබාදීමට රුපියල් 5000 මුදලක් ලබාගෙන ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ්‍ය අංශයේ නිලධාරීයෙක් අප කළ විමසීමකදී පැවසීය.
මෙ වනවිට මඩකලපුවේ කිසියම් කණ්ඩායමක් විසින් වැලිකන්ද රිදීතැන්නේ සිට වාලච්චේන දක්වා එලෙස ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති බවත්, ඒ පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමුකර ,බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගත් අයවලුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සඳහන් කළහ.

- lankasara