gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නොදන්නා දෙයක් කතා කරන්න මං කැමති නෑ... ප්‍රේක්ෂකයෙකු වූවා නම් හොදයි කියා සිතෙනවා - මහ බැංකු අධිපති

රටේ ආර්ථිකය තුළ ක්‍රමානුකූල ප්‍රගතියක් මේ වන විට දක්නට ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉදිරියේදී මුද්‍රණ කර්මාන්තය ද සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇති බවද මුද්‍රණ කර්මාන්තය නව තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතු බවද හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද ස්වර්ණපුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

‘මහ බැංකු අධිපතිවරයා ලෙස මෙතනට පැමිණ කතා කරන්න මට විෂය දැනීමක් ප්‍රවීණත්වයක් නෑ. මම සාහිත්‍ය ගැන විද්වතෙක් නෙවෙයි. මම ප්‍රතිපත්තියක් විදිහට නොදන්නා විෂයක් කතා කරන්න කැමති නෑ. ඒ නිසා මම මුලින්ම මේ ආරාධනය ප්‍රතික්ෂේප කළා. රටේ ආර්ථික ප්‍රශ්න ගැන සිතමින් සිටියදී මෙවන් සන්ධ්‍යාවක පේක්ෂකයෙකු ලෙස සහභාගි වීම හොඳ බව මෙතනට ආපසු මට සිතුනා’ යැයිද හෙතෙම එහිදී පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka