රට වෙනුවෙන් අරගල කළ දමිතා 14 දක්වා රිමාන්ඩ්!
ඇය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ලබාාදුන් නියෝගයක් අනුව සැප්තැම්බර් 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරී ලෙස ඇතුළුවීමේ චෝදනාව මතයි.
කෙසේ වුව ද සමාජ මාධ්‍ය ඊයේ රාත්‍රියේ වාර්තා කළේ දමිතා අබේරත්නට රාත්‍රියේ ම ඇප හිමි වනු ඇති බවයි.
තමා අරගල කළේ රට වෙනුවෙන් බවත් අරගලය ජය ගන්නා බවත් රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යන අතර මාධ්‍ය වෙත දමිතා අබේරත්න ප්‍රකාශ කළාය.
රට වෙනුවෙන් අරගල කළ දමිතා 14 දක්වා රිමාන්ඩ්!
2022-09-08T19:50:00+05:30
Gossip Lanka Hot News





