gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවත් දැඩි අර්බුදයක – රටේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටී ඇති අයුරු මෙන්න (VIDEO)

ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය මෙන්ම මිල ගණන් ඉහළ යාම නිසා රජයේ රෝහල් තුළ ලබාදෙන ආහාර වේලෙහි පෝෂණ ඌණතාවය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකටමුහුණ දී සිටින අයුරු සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

තමන් සෞඛ්‍ය ඇමතිවරයාව සිටි 2021ට පෙර කාලය තුළ ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඔසු සැල් පිහිටුවිය නොහැකි ප්‍රදේශවල එම ඖෂධ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා සැපයුම්කරුවන් වෙත ඖෂධ 443ක ලැයිස්තුවක් ලබා දී තිබුණ අතර මේ වන විට එනම් පසුගිය අගෝස්තු මාසයේදී එම ලැයිස්තුව ඖෂධ 93ක් දක්වා අඩු වී තිබෙන බවත් එයිනුත් වර්ග හතක් හෑන්ඩ් සනිටයිසර් සහ වර්ග තුනක් දියවැඩියාව සඳහා භාවිතා කරන සපත්තු වර්ග බවයි සේනාරත්න මහතා පැවසුවේ.

පවතින මෙම තත්ත්වය මත එම සැපයුම්කරුවන් ඖෂධ නීතිගත සංස්ථාවෙන් ඉවත්වෙමින් සිටින අතර එය රජයේ සෞඛ්‍ය පද්ධතියට විශාල බලපෑමක් බවයි හෙතෙම අවධාරණය කළේ.

මේ අතර විශේෂයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් සඳහා ලබා දෙන ආහාර වේලෙහි ප්‍රෝටීන ඌණතාවයක් පවතින හෙයින් එම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රෝහල් පරිපාලනය විසින් පරිත්‍යාගශීලින්ගේ ආධාර බලාපොරොත්තු වන බවට මාධ්‍ය හරහා වාර්තා කර තිබුණි.

භාණ්ඩ මිල ඉහළ යාම හේතුවෙන් එම ආහාර සැපයුම්කරුවන් පෙර පරිදි ආහාර වේල ලබා නොදෙන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව ප්‍රතිකාර ලබන දරුවන් සඳහා නිසි පෝෂණීය ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් පරිත්‍යාගශීලින්ට මැදිහත්වන ලෙස රාජිත සේනාරත්න මහතාද ඉල්ලා සිටින ලදී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka