gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

පොහොට්ටු සභාපති ධූරය බැසිල්ට හිතවත් මහාචාර්යවරයෙකුට!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරයට අලුත් අයෙකු පත් කිරීමට එම පක්ෂය සඳහන් කරනවා.

එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යෝජනාවී  ඇතැයි ඒ පක්ෂ ආරංචි මාර්ග පවසනවා. 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු ලබන්නේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර තවත් මහාචාර්යවරයකුම එම තනතුරට පත් කිරීම සුදුසු බවට පක්ෂයේ බොහෝ දෙනාගේ අදහසවී තිබෙනවා.

එසේම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධූරය සඳහාද යෝජනාවී ඇතැයි එම ආරංචි මාර්ග පවසනවා.

බණ්ඩාර මහතා පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනට කටයුතු කරනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka