gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුත්තලමේ ප්‍රබල දේශපාලඥයා නිසා විල්පත්තු ජාතික වනෝද්‍යානය අනතුරේ!

විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා පුත්තලම සිට මන්නාරම දක්වා අනවසර මාර්ගයක් සංවර්ධනය කිරීමට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ උවමනාව මත කටයුතු කෙරෙමින් පවතින බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි. 
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් පිරිසක් වනජීවියෙන් අවසර ගෙන විල්පත්තු ජාතික වනෝද්‍යානයට ඇතුළු වී ඇත. ඔවුන් සමග වනාත විල්ලුව ප්‍රාදේශීය ලේකම්කාර්යාලයේ නිළධාරීන් පිරිසකටද විල්පත්තුවට ඇතුළුවීමට අවසර ලැබී ඇත.

ඔවුන්ට අවසර දී ඇත්තේ දැනටමත් විල්පත්තුව හරහා වැටී ඇති මාර්ගයක තත්ත්වය නිරීක්ෂණය කිරීමට පමණි.

රාජ්‍ය නිළධාරීන්ට පමණක් සහභාගී වීමට අවසර දී තිබුණු මෙම ක්ෂේත්‍ර චාරිකාව සදහා ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයාද ඔහුගේ කණ්ඩායමක් සමග අනවසරයෙන්ම එක් වී තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මෙන්ම වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේක්ම කාර්යාලයේ නිළධාරීන් ද අදාල දේශපාලනඥයාට ඔවුන්ගේ දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන අතර ඉන් අනතුරු එම ප්‍රබල දේශපාලනඥයා එතැනින් ඉවත්ව ගොස් තිබේ.

විල්පත්තු රක්ෂිතය තුළ කිසිදු ඉදිකිරීමක් සිදු කිරීම තහනම් කර තිබේ. දැනට පවතින මාර්ගයේ පවා සිදු කළ හැක්කේ සුළු අළුත් වැඩියා පමණකි. තාර දැමීම හෝ එවැනි ප්‍රතිසංස්කරණ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ම තහනම් කර තිබේ.

කෙසේ වෙතත්, අදාල දේශපාලනඥයාගේ බලපෑම මත පුත්තලම් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් දිස්ත්‍රිකා ලේකම් කාර්යාලයේ දී තවත් රැස්වීමක් කැදවා තිබේ. එම රැස්වීම සදහා වනජීවී නිළධාරීන් මෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ද සහභාගී වී ඇති අතර එම රැස්වීමේ දී ද වනජීවී නිළධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිටින් ගොස් අදාල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ගැටළු දිස්ත්‍රික් ලේකම්වරයාට පෙන්වා දී ඇති බව වාර්තා වේ.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka