gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සූම් එකෙන් සහභාගී විය හැකි සමුලුවකට ඇමරිකා යන්න ඇමති සුසිල් වැලේ වැල් නැති අමාත්‍යාංශයෙන් ලක්ෂ 45ක් වෙන් කරන්!

ලබන වසරේ පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම ඇතුළු අත්‍යවශ්‍යම කටයුතු සඳහාවත් ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති තත්ත්වයක් පවතිද්දී අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත  යුනෙස්කෝ සංවිධානය විසින් ඇමෙරිකාවේ පැවත්වෙන සමුළුවක එක් දිනක්  වෙනුවෙන් සහභාගීත්වය සඳහා රුපියල් මිලියන 4.5ක මුදලක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් කරවා ගැනීමට කටයුතු කර ඇති බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසිදු සාකච්ඡාවකට හෝ වෙනත් ඵලදායී කටයුත්තක් නොවන, සහභාගීත්වය පමණක් සිදුවන  මෙම සංචාරයට  ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතක් ඇතුළු වරප්‍රසාද වෙනුවෙන් එම මුදල ඉල්ලා අති බවත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වන සිය පුත්‍රයා මගින් මේ පිළිබඳව මේ වනවිට ලිඛිත ඉල්ලීම් කරමින් අදාළ නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

අමාත්‍යවරයා මේ ගමන යාමට සැරසෙන්නේ එක්සත් ජාතීන්ගේ ළමා සහ අධ්‍යාපන අරමුදල (යුනෙස්කෝ ) විසින් ලබන සැප්තැම්බර් මස 16 වනිදා සිට 19 වැනිදා දක්වා පැවත්වෙන පරිවර්තනීය අධ්‍යාපන සමුළුව (Transforming Education Summit) නම් සමුළුවේ නිරීක්ෂකයකු ලෙසය.

ආරංචි මාර්ගවලට අනුව ඔහුගේ සහභාගීත්වය නිරීක්ෂකයකු ලෙස පමණක් වන අතර මෙම ගමන වර්තමානයේ පවතින තත්ත්වය මත අත්‍යවශ්‍ය ගමනක් නොවන බවත් අමාත්‍යවරයාට අවශ්‍ය නම් ඒ සහභාගීත්වය මෙරට සිට සූම් තාක්ෂණ ඔස්සේද ලබා ගත හැකි  බවත් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි..

රට දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින මේ මොහොතේ අරමුදල් සීමා සහිත බව පවසමින් අමාත්‍යංශ නිලධාරීන් කරුණු දක්වා ඇතත් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා මේ ගමනට අමාත්‍යවරයා සහභාගී විය යුතුම බවට අවධාරණය කර ඇති බව වාර්තා වේ.

ඔහු මෙලෙස හදිසියේ ඇමෙරිකාවට යන්නේ සිය පෞද්ගලික අවශ්‍යතාවක් මුල් කරගෙන විය හැකි බවටද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

උපුටා ගැනීම : lankasara


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka