gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සර්ව පාක්ෂික කියන නම සුන්දර වුණාට දූෂිතයෝ එක්ක කරන්න පුළුවන් දෙයක් නැහැ – ෆොන්සේකා (VIDEO)

ජනාධිපතිවරයා යොමුකර තිබුණු ලිපියට අනුව 19 ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තුවේ අධීක්ෂණ කමිටු පත්කිරීම ගැන ඊයේ සිදුකළ කළ සාකච්ජාව සාර්ථකව සිදුකළ නමුත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පොදු එකඟතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඒ, අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එම සාකච්ජාවේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් පළකළ අතර සමඟි ජන බලවේගයේද එක් අයෙක් දෙදෙනෙක් එවැනි දෙයකට කැමැත්තෙන් සිටියද පක්ෂයක් ලෙස එවැනි තීන්දුවක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ජනාධිපතිවරයා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුව සිය පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ මෙන්ම දූෂිතයින් සිටින බවයි ෆොන්සේකා මහතා පැවසුවේ.

”ඔය කියන සර්ව පාක්ෂික ආණ්ඩුවේ එකමුතුකම තිබේවිදැයි මට සැකයි. වෙනසක් වෙන්නේ නෑ කියන එක මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. මැතිවරණයක් තියන්න පුලුවන් නම් හොදයි. නමුත් ප්‍රායෝගික ගැටලු තිබෙනවා.මේ ආණ්ඩුව ගෙදර යා යුතුයි. යම් වෙනසකට යා යුතුයි. නිවැරදි බලවේගයක් පාර්ලිමේන්තුවේ ඇති කල යුතුයි.” යන්න ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka