gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආර්ථික අර්බුදය විසඳගන්න අයි.එම්.එෆ් යන්න කියන්නෙ වසලයො… වාසු කියයි

මෙරට තුළ මේ වන විට උද්ගතව තිබෙන ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත යුතු බවට කිසිවෙක් පවසන්නේ නම්, ඔවුන් වසලයන් බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසීය.

1978 සිට මේ දක්වා කාලය තුළ මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බැලීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට කළ විනාශය පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව ද ඒ මහතා පැවසීය.

මෙතරම් විශාල විනාශයක් කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සඳහා තවදුරටත් මෙරටට කොන්දේසි දැමීම තුළින් මෙරට විනාශය තවදුරටත් පළල්ව ඉදිරියට යන බව ද ඒ සඳහා සහාය ලබාදීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ කිසිදු සහායක් ලබා නොදෙන බව ද ඒ මහතා සඳහන් කළේ ය.

තායිලන්තය, තායිවානය හා දකුණු කොරියාව වැනි රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යටි අරමුණ තේරුම් ගැනීම නිසා එම අරමුදල ලබාදුන් උපදෙස් ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා පැවසීය.

ආනයනය අපනයනය තුලනය කර ගැනීම තුළින් මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ඇති බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ලබාදීම සඳහා පනවන කොන්දේසිවලට එකඟතාව පළ කරන දේශපාලකයන් මේ බව හොඳට තේරුම් ගත යුතු බව ද නානායක්කාර මහතා මේ පිළිබඳව ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු දෙමින් වැඩිදුරට ත් පැවසීය.

මව්බිම –


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka