gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාඩු ලබන ආයතන 400 ගණනක් තියෙද්දි ආණ්ඩුව ලාබ ලබන ආයතන විකිණීමේ මගඩියකට ලෑස්ති වෙනවා! පොහොට්ටු මන්ත්‍රීගෙන් විශේෂ හෙළිදරව්වක්!

පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පසෙක ලා රජය ලාබ ලබන ආයතන විකිණීමේ මගඩියකට සූදානම් වෙන බව පොහොට්ටුවේ මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

“රාජ්‍ය ආයතන 400 ගනනක් තිබිලත් විශාල සම්පත් ප්‍රමාණයක් තිබිලත් ඒ ආයතන වලින් එන සමස්ථ ආදායම ඉතා සුළු ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි සමහර ආයතන ලාබ ලබද්දී බොහෝ ආයතන පාඩු ලැබීම. ඒ අතරින් ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මන්ඩලය, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදක මණ්ඩලය යන ආයතන කිහිපයේ පමණක් මේ වසරේ පාඩුව රාජ්‍ය ආදායමට වඩා වැඩියි. තවත් පාඩු ලබන විශාල ආයතන ගණනාවක් තිබෙනවා. ඉතින් මේ පාඩු ලබන ආයතන කඩිනමින් ප්‍රතිව්‍යුහ ගත කළ යුතු බවට අද රටේ බොහෝ දෙනෙක් එකඟ වෙනවා.

අපි බලාපොරොත්තු වුනා මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ආණ්ඩුවක් කඩිනමින් ආරම්භ කරාවී කීයලා. නමුත් ඒ වෙනුවට අපිට පේන්නේ ආණ්ඩුව වෙනත් දෙයක් කරන්න සූදානම් වෙන බවයි. දැන් ආණ්ඩුව කතාකරන්නේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීම ගැන නෙමෙයි ලාබ ලබන ආයතන විකිණීම ගැනයි. ලාබ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීමයි පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අරමුණු දෙකක්. ජනාධිපතිතුමා විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගැන හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම ගැන. අපි පුදුමයට පත් වුනා. මොකද මේ දෙකම හොඳින් ලාබ ලබන ආයතන. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ලාබ ලබන ආයතනයක්. එහි 49.5% කොටස් රජයට අයිතියි. සේවක අර්ථසාදක අරමුදල , ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල වැනි රජයට අනුබද්ධ ආයතන හරහා 50 කට වැඩි කොටස් රජයට තියෙනවා.

අපි දන්නවා මේ වන විට විදුලි සංදේශණ පහසුකම් වලින් අපි දකුණු ආසියාවේ ඉදිරියෙන්ම ඉන්නා රටක්. රට පුරා ෆයිබර් නෙට්වර්ක් එලමින් තොරතුරු තාක්ෂණ පහසුකම් ඉහල තලයකට ගෙන එන්නට මේ ආයතනය විශාල සේවාවක් කොට තිබෙනවා. එය යටතේ තිබෙන මොබිටෙල් ආයතනයත් හොඳින් ලාබ ලබන ආයතනයක්. ඉතින් මොකටද මේ ආයතන විකුණන්නේ. ඊලඟට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කියන්නේ මහා භාණ්ඩාගාරයට 100% අයිති ලාබ ලබන රාජ්‍ය ආයතනයක්. මේ අයතනය මීට පෙර වතාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමියගේ කාලේ පෞද්ගලීකරණ‍ය කරලා තිබිලා 2009 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් යලි රජයට පවාරාගත්තේ. ඒ නඩුවේදී හෙලි වුනා ආයතන විකිණීමේදී විශාල අක්‍රමිකතා වෙලා තිබෙනවා කියලා. ඒ වෙලාවේ රුපියල් බිලියන 30 කට වඩා වත්කම් තිබුණ ආයතනය විකුණලා තිබුණේ රුපියල් බිලියන 6 ක් වගේ සුළු මුදලකට. මේ දූෂිත ගනුදෙනුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හැරවූවේ. ඒ වසරේදීම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් තවත් දූෂිත පුද්ගලීකරන ගනුදෙනු දෙකක් අවලංගු කළා. ඒ වෝටර්ස් එජ් හෝටලය පෞද්ගලීකරණය හා ලංකා මැරයින් සර්විසර්ස් පෞද්ගලීකරණ ගනුදෙනුව. මේ වගේ කුප්‍රකට ඉතිහාසයක් තමයි ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය සම්බන්ධයෙන් තියෙන්නෙ” යි මන්ත්‍රීවරයා සඳහන් කරනවා.



gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka