gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගුවන් යානාවලට තෙල් සැපයීම දේශපාලන පුතෙකුට! සිපෙට්කෝ ඩොලර් ආදායමක් අහිමියි!

රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකුට අයත් බව කියන මෙරට පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරනු ලැබූ ගුවන් යානා ඉන්ධන තොගයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා අලෙවි කිරීම මේ වන විට ආරම්භ වී ඇතැයි සංස්ථා සේවකයෝ සඳහන් කරති.

එම තත්ත්වයත් සමග ඛනිජ තෙල් සංස්ථාවට විශාල ඩොලර් ආදායමක් හිමිවූ ගුවන් යානා සඳහා ඉන්ධන ලබා දීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇතැයි ද ඔවුහු කියති.
මෙටි්‍රක් ටොන් හතළිස් දහසකින් යුතු එම ඉන්ධන තොගය රැගත් නෞකාව කොළඹ වරායට ළඟා වීමෙන් පසු ඛනිජ තෙල් සංස්ථාවේ කොලොන්නාව තොග පර්යන්තය වෙත පොම්ප කර ඇති අතර එම ඉන්ධන දුම්රිය මගින් කටුනායක ගුවන්තොටුපළේ ගබඩා වෙත යැවීමට සංස්ථා බලධාරීන් පියවර ගෙන ඇත.

එසේ ලැබුණු ඉන්ධන තොග කටුනායක ගුවන්තොටුපළේ පිහිටි ඛනිජ තෙල් සංස්ථාවට අයත් ගුවන් යානා සඳහා ඉන්ධන ලබාදීමේ ඒකකය මගින් ඉකුත් සතියේ සිටි ගුවන් යානා වෙත අලෙවි කිරීම සිදුකර තිබේ.

මෙහිදී ගුවන් යානා සඳහා ඉන්ධන අලෙවියෙන් ලැබෙන ඩොලර් ආදායම ඉන්ධන ආනයනය කළ සමාගමට ලැබෙන අතර එම සමාගම මගින් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල්වලින් ගෙවීම් කිරීමට නියමිත බව ද සංස්ථා සේවකයෝ වැඩිදුරටත් පවසති.

සපුගස්කන්ද පිරිපහදුවෙන් සහ ආනයනය කිරීමෙන් ලබා ගන්නා ලද ගුවන් යානා ඉන්ධන ගුවන් යානා වෙත ලබාදීම මෙතෙක් කලක් ඛනිජ තෙල් සංස්ථාව මගින් සිදු කරනු ලැබූ අතර එහිදී විශාල ඩොලර් ආදායමක් ලබා ගැනීමට සංස්ථාවට හැකි විය.

රටේ ඇතිවූ විදේශ විනිමය අර්බුදයත් සමග ගුවන් යානා ඉන්ධන ආනයනය කිරීම ඛනිජ තෙල් සංස්ථාව මගින් ඉකුත් කාලයේ නවතා දමනු ලැබූ අතර පෞද්ගලික සමාගමක් මගින් මෙසේ ගුවන් යානා ඉන්ධන තොගයක් ආනයනය කර සංස්ථාව හරහා අලෙවි කිරීම සිදු කර ඇත්තේ ඒ අනුවය.

සමන් ගමගේ
(දිවයින)


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka