gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ශානි යළි පොලිස් සේවයට ?… පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ කලබලයක්!

රන්ජන් රාමානයක සමග අනුචිත දුරකථන සංවාදයක් පැවැත්වී යැයි චෝදනා කර  වැඩ තහනමට ලක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යළි පොලිස් සේවයට පැමිණීමේ ඉඩක් නිර්මාණය වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් පිරිස් බරපතල ලෙස තිගැස්මට ලක් වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

පසුගිය 2020 ජනවාරි 07 වැනිදා ශානි අබේසේකරගේ  වැඩ තහනම්කර තිබුණේ   රන්ජන් රාමනායක  ගේ නිවසේ තිබී කොළඹ අපරාධ කොට්ඨාසය මගින්  අත්අඩංගුවට ගත් හඬ පටවල ශානි අබේසේකරගේ    නඩුකටයුතු ගැන   කරන ලද සංවාද  ඇතුළත්  නිසාය. එමගින් පොලිස් සේවය අපකිර්තියට පත්  කර ඇතැයි චෝදනා කර පොලිස් කොමිසමේ නිර්දේශ පිට මෙම වැඩ තහනම සිදුවූයේය  .

පොදුපෙරමුණු  රජය බලයට පත් වී දින කීපයක් ගතවෙත්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ශානි අබේසේකර   ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්යාලයේ සාමාන්‍ය රාජකාරි පිණිස මාරුකර  යැව්වේය.  විශ්‍රාම වැටුපත් අහිමි කරමින් මෙම වැඩ තහනමට ලක් කළේ ඉන් අනතුරුවය.

නමුත් වසර දෙකක් ඉක්ම වී ගියත් මේ සම්බන්ධව විධිමත් විමර්ශනයක් පවත්වනවා වෙනුවට සිදුවී තිබුණේ එම හඬපට සමාජ මාධ්‍යයට මුදා හැරීම පමණි.

කෙසේ වෙතත් මේ වනවිටත් යට වී තිබු ශානි අබේසේකරගේ වැඩ තහනමට අදාල විමර්ශන කටයුතු යළි කඩිනමින් ආරම්භ කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් ඇත්තේ රන්ජන් රාමානයක පොදු සමාවෙන් නිදහස ලැබීමේ තත්ත්වය තුළය.

මෙම විමර්ශනයෙන් ශානි අබේසේකර නිදහස් වීමේ වැඩි ඉඩකඩක් ඇති බවත් එසේ වුවහොත් ඔහු යළි පොලිස් සේවයට පැමිණීමේ ඉඩ විශාල බවත් පෙන්වා දෙන පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ වැඩ තහනම් කිරීමට  මුල් වූ පිරිස් දැන් තැතිගෙන ඇති බවය.

මේ පිරිස් අතර වැඩි දෙනා දූෂිත පොලිස් නිලධාරීන් බව ද එම ආරංචි මාර්ග කියයි.

- lankasara


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka