gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

QR ක්‍රමවේදය තෙල් ප්‍රශ්නයට උත්තරයක් නෙමෙයි... සල්ලි තියෙන විදිහට තමයි අපිට තෙල් ගෙන්වන්න වෙන්නේ... සල්ලි නැත්නම් තෙල් නෑ - තෙල් ඇමැති එකපාරටම බය හිතෙන කතාවක් කියයි!

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසඳුමක් නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ මූල්‍ය හැකියාව මත ඉන්ධන ආනයනය කිරිමට සිදුවීම තුළ එය මනා කළමනාකරණයකින් යුතුව පාරිභෝගිකයාට බෙදාහැරීම සදහා අදාළ ක්‍රමවේදය ක්‍රියාවට නැංවූ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුව හරහා ඉන්ධන ලබාගැනීම සදහා වෙන්වන මුදල් ප්‍රමාණය මත ඉන්ධන බෙදාහැරීමේ පරාසය තීරණය වන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

‘මේක අපේ තියෙන ඉන්ධන අර්බුදයට විසඳුමක් නෙවෙයි. ඉන්ධන අර්බුදය ඇතිවෙන්නේ අපේ ආර්ථික අර්බුදයත් එක්ක. එතකොට අපිට මූල්‍ය ශක්තිය තියෙනවා නම් මේක අපිට මෙවැනි මෘදුකාංග ගෙනල්ලා කළමනාකරණයක් කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. නමුත් මම මාස 4ක පමණ කාලයක් අප්‍රේල් මාසයේ 18 වෙනිදා ඉඳලා මේ විෂයභාර අමාත්‍යවරයා හැටියට මට ඒ වගකීම ලැබුණට පස්සේ මහ බැංකුව, මුදල් අමාත්‍යංශය, අපේ ආයතන මේ විවිධ පුද්ගලයින් එක්ක කරපු සාකච්ඡාවලදී අපිට වැටහිච්ච දේ තමයි, ඉදිරි මාස 12 සඳහා අපිට යම් අභියෝගයක් තියෙනවා කියන එක. මූල්‍ය හැකියාව මත තමයි අපිට ඉන්ධන ආනයනය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි ඒකට ගැලපෙන වැඩපිළිවෙලක් නිර්මාණය කළා මිස මේක සම්පූර්ණ සියයට සීයක් විසඳුමක් හැටියට මම දකින්නේ නෑ.

පළවෙනි සතිය වෙනකොට බොහෝ දෙනෙකුට මාස තුනක් වගේ කාලයක් ඉන්ධන ලබාගන්න නොහැකි වෙච්ච බොහෝ පිරිසක් හිටියා. සමහරු අපිට පණිවුඩ එව්වා පළවෙනි සතිය ඇතුළත ඉන්ධන ලබාගෙන ඉවර වෙලා මාස දෙකකට පස්සේ, මාස තුනකට පස්සේ අපි ඉන්ධන ලබාගත්තේ කියලා. අපිට පේන දේ තමයි මේ සතිපතා යනකොට හැම සතියෙම ඉන්ධන අවශ්‍ය නොවන පිරිසකුත් ඉන්නවා. දෛනිකව අවශ්‍යවන පිරිසක් ඉන්නවා. සතිපතා අවශ්‍ය වන පිරිසක් ඉන්නවා. නමුත් සති 4කට වතාවක් ඉන්ධන අවශ්‍ය වන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒ ක්‍රමවේදය අනුව තමයි මේ ප්‍රමාණය අඩුවෙනවා කියන එක අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ. අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය අපි දන්නවා. මොකද අපිට මහ බැංකුව කියනවා නේ අපිට දෙන්න පුළුවන් මුදල් ප්‍රමාණය කොච්චරද කියලා දෙසැම්බර් මාසය වෙනකල්. ඒ දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි අපි ආනයනය කරන්නේ. අපිට තියෙන ප්‍රමාණය කළමනාකරණය කරලා දෙන එක තමයි QR ක්‍රමවේදයෙන් කරන්නේ,


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka