gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සනත් නිශාන්තගේ වාචාල කට අධිකරණයට අපහාස කරලා… කොටුව මහේස්ත්‍රාත්ගෙන් විමර්ශන නියෝගයක්!

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇත්දැ යි සොයා බලා වහා ම තමාට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

මහේස්ත්‍රාත්වරයා එම නියෝය කර ඇත්තේ ඊයේ (24) දිනයේ දී මැයි නව වැනි දින කොළඹ ගාලූ මුවදොර පැවති   විරෝධතා ව්‍යාපාරයට පහර දීම සම්බන්ධයෙන්  ගොනු  වී ඇති නඩුව කැඳවූ අවස්ථාවේ දීය.

එහි දී අරගළකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සිය දේශනයේ දී සඳහන් කළේ, උසාවි වැඩ කටයුතුවලට බලපෑම් සිදු වන ආකාරයේ ‍ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙසට විත්තිකරුවන්ට දැනුම් දී ඇති පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මාධ්‍ය හමුවක් කැඳවා නීතිඥයන් සහ ඇතැම් විනිසුරුවරුන් අරගළකරුවන්ට පක්ෂපාතී ලෙස කටයුතු කරන බවට ප්‍රකාශ කළ බව යි.

මෙහි දී මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා ජනාධිපති නීතිඥවරයා අදාළ හඬ පටය ඇතුළත් වීඩියෝවක් ද ඉදිරිපත් කළේය.

මේ අවස්ථාවේ දී කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට දැනුම් දුන්නේ, අදාළ මාධ්‍ය හමුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සිදු කළ ප්‍රකාශයන් හරහා අධිකරණයට හෝ එහි ක්‍රියාකාරීත්වයට යම්කිසි අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බැලීම සඳහා වහා ම පියවර ගන්නා ලෙස ය.

ඒ සඳහා එම මාධ්‍ය හමුවේ සංස්කරණය නො කළ වීඩියෝ පට පරිශීලනය කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහ මිලාන් ජයතිලකගේ ජංගම දුරකථන වහා ම අධිකරණයට බාර දෙන ලෙසටත් කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

එමෙන්ම මීට පෙර සිදු කළ එම නියෝගයට අනුව ජංගම දුරකථන අධිකරණයට භාර නො දීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කළ කොටුව මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් දැඩි අවවාදයක් ද සිදු කරමින් කියා සිටියේ, අධිකරණ නියෝගයන්ට සහ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට සහයෝගය ලබා නො දෙන්නේ නම්, ඇප අවලංගු කර නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව ය.

- lankasara


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka