gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රාජපක්‍ෂවරු යලි නැගිටිනවා... අපිත් ඒ එක්කම නැගිටිනවා... දිනයක් කියන්න බෑ - (VIDEO)

රාජපක්ෂවරුන් නැවත නැගිටින බවත් එම දින වකවානු පැවසිය නොහැකි බවත් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා පැවසීය.
 
“දැන් කියනවා හැම වෙලේම රනිල් රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජපක්ෂවරු, මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී. බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවෙන් එළියට ගියා. ගෝඨාභය රාජපක්ෂ ජනපතිතුමා රටෙන් එළියට ගියා. නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී.

මේක මාර භීතිකාවක්නේ, රාජපක්ෂවරු! රාජපක්ෂවරු! රෑ 2ට 3ට නැගිටලත් රාජපක්ෂවරුන්ට හීනෙන් බය වෙනවා ඇති. ඔංචිල්ලාව ඒ පැත්තට ගියොත් මේ පැත්තට එනවා. අපි එදත් රාජපක්ෂවරුත් එක්ක, අදත් රාජපක්ෂවරුත් එක්ක, අපි හෙටත් රාජපක්ෂවරුත් එක්ක. දිනයක් නෑ, වකවානුවක් නෑ, නැවත නැගිටිනවා කියන එක අනිවාර්යයෙන්ම මතක් කරනවා.”


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka