දේශපාලඥයින්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය, විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඒ අනුව වඩාත් විනිවිද භාවයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් ගෙන එන බවයි.
අමාත්‍යවරයා පැවසුවේ මීට සමගාමීව දැනට පවතින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවට වැඩි බලතල සහිත නව කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමටද නීති සම්පාදනය කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුගත වෙමින් එම කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.