gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉතිහාසගතවන රනිල්ගේ අයවැය කෙටුම්පත අද පාර් ලිමේන්තුවට!

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට රාජ්‍ය වියදම ට්‍රිලියන 4 ඉක්මවූ විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමැතිවරයා ලෙස අද ( 30) වැනිදා පස්වරු 1ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ අනුව පාර්ලිමේන්තුව අද (30) පස්වරු 1ට රැස්වීමට නියමිත අතර පස්වරු 1 සිට 2 දක්වා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසුව පසුදින එනම් හෙට (31) පෙරවරු 9.30 දක්වා කල්තැබීම සිදු කෙරේ.

ඉන් පසුව හෙට (31), සැප්තැම්බර් 01, 02 යන දිනවල පෙරවරු 9.30 සි‍ට පස්වරු 5.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දිවා ආහාර විවේකයකින් තොරව පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් 2 වැනි දා පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීම විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව කාරක සභා අවස්ථාව සහ තෙවනවර කියැවීමෙන් පසු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව ඇත.

එම පනත් කෙටුම්පතට අනුව, 2021 අංක 30 දරන විසර්ජන පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් වූ, රුපියල් දෙදහස් හත්සිය අනු හය බිලියන හාරසිය හතලිස් හය මිලියන පන්සිය පනස්අට දහසක් (රු. 2,796, 446,558,000) යන වචන වෙනුවට රුපියල් තුන් දහස් දෙසිය හැත්තෑ පස් බිලියන අටසිය හැත්තෑ හය මිලියන පන්සිය පනස් අට දහසක් (රු. 3,275,876,558,000) යන වචන ආදේශ කෙරේ.

පෙර ඉදිරිපත් කරන ලද විසර්ජන පනත් කෙටුම්පතට අනුව, 2022 මුදල් වර්ෂය සඳහා ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට 2022 ජනවාරි මස 1 වැනි දින සිට 2022 දෙසැම්බර් 31 වැනි දක්වා රු බිලියන 2,796.4 ක මුදලක් ඇස්තමේන්තුගත කොට තිබිණි. නව සංශෝධනයට අනුව 2022 වර්ෂයේ ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම් දැරීමට වෙන් කළ මුදල රුපියල් බිලියන 3,275.8 දක්වා ඇස්තමේන්තු ගත මුදල වැඩි වන අතර ඒ අනුව රු බිලියන 929.4 කින් අමාත්‍යාංශ සේවා කාර්යය සඳහා අවශ්‍ය වන වියදම් වැඩි වී ඇත.

පනතේ 2 වැනි වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයේ අඩංගු රුපියල් බිලියන තුන්දහස් දෙසියයක් (රු. බිලියන 3,200) වන වචන වෙනුවට රුපියල් බිලියන හාර දහස් අසු දෙකක් (රු. බිලියන 4,082) යන වචන ආදේශ කිරීමෙන් සංශෝධනය කෙරේ.

බැසිල් ගෙනා 2021 අය වැයේ පොරොන්දු 31 ප්‍රගතිය 6%යි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ 2021 අය - වැය පොරොන්දුවලින් රජය ඉටු කර ඇත්තේ 6% ක ප්‍රමාණයක් බවත්, ප්‍රගතිය හෙළි නොකරණ ලද ප්‍රමාණය 46% ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කරයි.

නොසලකා හැර ඇති ව්‍යාපෘතීන් අතර, සෞඛ්‍ය සේවා, ජල සැපයුම සහ ළමා අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ව්‍යාපෘතීන්ද වේ.

"අතුරු අය වැය තුළින් අපි යන්නේ කොයිබටද?" මැයෙන් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

සිදු කර ඇති සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ ලොව අනෙකුත් රටවල් හා සංසන්ධනය කරන විට 2021 අය - වැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටිනුයේ 93 වන ස්ථානයේ බවයි.

මේ ආකාරයට අය - වැය සම්බන්ධයෙන් ජනතා විශ්වාසය ගොඩ නගා ගැනීම සඳහා වර්තමාන මෙන්ම අනාගත රජයන්ද ක්‍රියාමක කළ යුතු කරුණු සම්බන්ධයෙන්ද වෙරිටේ රිසර්ච් ආයතනය තම නිවේදනයේ සඳහන් කර ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka