gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් හෙට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ පක්ෂ නායකයොයි පාර්ලිමේන්තුවේම පක්ෂ නායකයොයි වෙනවෙනම හමුවෙයි!

හෙට දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීම් දෙකක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (31) සවස 4.00ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 04දී පැවැත්වීමට සැලසුම් කොට ඇත.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපතිවරයාගේ හා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට බදාදා
ප.ව. 5.00 ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01 දී පැවැත්වීමටද සැලසුම් කොට තිබේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka