ජනතාව විසින් නෙරපා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, යළි දිවයිනට පැමිණීමට මේ සුදුසු කාලය නොවන බව, වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වොල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා ඇත.
මේ මොහොතේ ඔහු නැවත පැමිණියහොත් එය රට තුළ දේශපාලන ආතතියක් ඇති කිරීමට හේතුවිය හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
එමෙන්ම, හිටපු ජනාධිපතිවරයා ඉක්මනින් ම නැවත පැමිණෙන බවට කිසිදු හෝඩුවාවක් තමන්ට ලබා දී නැති බවද ජනාධිපතිවරයා විදෙස් මාධ්‍යය සමග පවසා තිබේ.
