ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි! ලංකාවටත් ඇතුල්වෙයිද?
‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ. තරුණයාගේ මරණය සැලවුණු සැණින්, කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනී වීනා ජෝර්ජ් මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශණයක් වහා සිදු කරන්නැයි උපදෙස් දුන්නාය. ඒ අනුව, මියගිය තරුණයාගේ පටක සාම්පල පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
මෙම තරුණයා විදේශගතව සිට කේරළයට පැමිණි අයකු වන අතර, ඔහුට ‘වඳුරු උණ’ ආසාදනය වූයේ නම් එය සිදුවන්න ඇත්තේ විදේශගතව සිට පැමිණෙන අතරතුරේ බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ.
ඉන්දියාවෙන් මේ දක්වා ‘වඳුරු උණ’ ආසාදිතයන් සිවු දෙනකු හමුවී ඇති අතර පළමු වඳුරු උණ ආසාදිතයා පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි.
ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි! ලංකාවටත් ඇතුල්වෙයිද?
2022-08-01T12:23:00+05:30
Gossip Lanka Hot News






