gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

වියදම් කපන්න බැරි නම් යන වියදම් අතින් ගෙවන්න! රනිල් නිලධාරීන්ට දැනුම් දෙයි!

රජයේ වියදම් පාලනය කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පරිබාහිරව වියදම් සිදුකරනු ලබන්නේ නම් ඊට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් එම වියදම් පෞද්ගලිකව දැරිය යුතු බව ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කරනවා.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15දා) දින ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම දැනුම් දීම සිදු කර තිබුණා.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, “රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ විධිවිධාන සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් ඉටුකළ යුතු බවට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka