gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සර්ව පාක්‍ෂික ආණ්ඩු සාකච්චා බිද වැටේ! වෙන වෙනම ඇමතිකම් දී පිරිසක් ආණ්ඩුවට!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීමේ උත්සාහය බිඳවැටී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියා සිටියි.

පක්ෂ ලෙස ආණ්ඩුවට එක්වීමට පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂ අකමැති වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇත.

මෙම හේතුව මත ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවට සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටයි.

කෙසේ වෙතත් දේශපාලන පක්ෂ ලෙස නොවුනද පක්ෂ වලින් වෙන් වෙන් වශයෙන් මන්ත්‍රීවරු පැමිණි ආණ්ඩුවට එක් වීම මත ඔවුන්ට අමාත්‍යධුර ද ලබාදීමට නියමිතව තිබේ.

එම අමාත්‍යවරුන් එලැඹෙන සතියේ දී දිවුරුම් දීමට සැලසුම් කර ඇත.

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු මන්ත්‍රීවරු පහළොවකට වැඩි පිරිසක් ආණ්ඩුවට එක් වනු ඇති බවද ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka