රනිල් සහ සජිත් නායකත්ව දරන අලුත් සන්ධාන දෙකක්… සාකච්ඡා ඇරඹෙයි!
රටේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක වටා ගොනුවුන ප්‍රබල සන්ධාන 02ක් පිහිටුවීම සඳහා සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගත් මේ සන්ධාන දෙකෙහි එක් පාර්ශවයක නායකත්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහත් අනෙක් පාර්ශවයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසත් දරයි.
ඒ අනුව පොදුජන පෙරමුණේ පිරිසක්, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක්, සුළු පක්ෂ හතක්, පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී පිරිසෙන් කොටසක් සහිතව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංධානය ගොඩනැගෙමින් ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටුවේ ඩලස් අලහප්පෙරුම කණ්ඩායම. සමගි ජන බලවේගය, සුළු පක්ෂ කීපයක් හා ස්වාධීනවූ මන්ත්‍රීවරුන්ගෙන් පිරිසක් එක්ව සජිත් ප්‍රේමදාස නායකත්වයෙන්. යුතු නව සන්ධානයක් ගොඩනගමින් තිබේ.
මෙම සන්ධාන දෙක සඳහා මූලික සාකච්ඡා මේ වනවිට වෙන වෙනම ආරම්භ වී තිබේ. ඒ ඒ සන්ධානවල නායකයන්වන සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ ඉදිරි මැතිවරණවල දි එම සන්ධාන මෙහෙයවනු ඇත.

2022-08-20T07:58:00+05:30
Gossip Lanka Hot News