gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෙන්වූ බොරතෙල්වල ප්‍රමිතිය අවුල්! සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල්, ඩීසල් නිපදවීමත් පහළට!

මෙරටට ගෙනා බොරතෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලුවක් තිබෙන බව වාර්තා වනවා.

ඒ කොරල් එනර්ජි නමැති සමාගමක් හරහා ගෙන්වූ බොරතෙල් තොගය පිළිබඳවයි.

මේ හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය සියයට විසිදෙකකින් පහත වැටී ඇතැයි පිරිපහදුවේ ආරංචි මාර්ග සඳහන් කරමින් ජාතින පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඩුබායි හි ලියාපදිංචි මෙම සමාගමෙන් බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන මිලදී නොගන්නා ලෙසට තෙල් සංස්ථා උසස් නිලධාරින් දිගින් දිගටම කරුණු පෙන්වා දී තිබෙනවා.

නමුත් බැරලයකට ඩොලර් 15 ක මුදලක් හා ප්‍රිමීයම් ගෙවීම් ලෙස ඩොලර් 24 ක් ගෙවමින් එම සමාගමෙන් මෙම බොරතෙල් තොගය මෙරටට ගෙනැවිත් තිබෙනවා.

ඒ අනුව මෙරටට ගෙනා බොරතෙල් මෙට්‍රික් ටොන් 99,000 ක් භාවිතා කර සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කළත්, ඉන් සියයට 52 ක්ම නිපදවෙන්නේ දැවිතෙල් බවයි වාර්තා වන්නේ.

එම සමාගමෙන් ආනයනය කළ අනෙක් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000 ක් අඩංගු නෞකාව පසුගිය 23 වැනිදා කොළඹ වරායට පැමිණ තිබුණත් එය නිදහස් කර ගැනීමට ඩොලර් නොගෙවීම නිසා ඊයේ (29) වනවිටත් නැංගුරම්ලා තිබුණා.

සපුගස්කන්ද පිරිපහදුවට සරිලන්නේ මර්බන් වර්ගයේ බොරතෙල් බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka