gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද ඉන්ධන නැතිවෙන්න 83 හර්තාලයත්, 88-89 භීෂණයත් බලපානවා - ප්‍රසන්න රණතුංග

අරගලයට මුවා වී ආණ්ඩුවේ දේශපාලනඥයින්ව දේශපාලනිකව හුදෙකලා කර ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවීධායක ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

ඔහු පෙන්වා දෙන්නේ අරගලයට මුවා වී සිටින සජබ, ජවිපෙ, පෙරටුගාමී හා දෙමළ ඩයස් පෝරාවට සම්බන්ධ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බවයි. පොහොට්ටු දේශපාලන මතයට ඇති බිය නිසා මෙම කුමන්ත්‍රණය සිදු කරන බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම කුමන්ත්‍රණයේ දි ඉලක්කය වී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටු දේශපාලනඥයන් බවත් ඔවුන් ජනතාව අතරට යාම වැළැක්වීම මෙහි අරමුණ බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි මැතිවරණයක දී  පොහොට්ටුවේ දේශපාලන මතය පරාජය කිරීම සදහා මෙය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ඉන්ධන, ගෑස් , හිඟය හා විදුලි කප්පාදුව හේතුවෙන් ඇති වු ජනතා පීඩනය කුමන්ත්‍රණකාරී දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විසින් තමන්ගේ වාසියට හරවාගත් බවයි. මැයි 09 හා ජුලි 09 රට තුළ ඇති වු ප්‍රචණ්ඩකාරී සිදුවීම් වල ඉලක්කය වුයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පොහොට්ටු දේශපාලනඥයින් බවත් ඇමතිවරයා කීවේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

මේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ පොහොට්ටුවට. සමහරු කියනවා 69 ලක්ෂයේ ජනවරම ඉවරයි කියලා. පාර්ලිමේන්තුවේ තියෙන්නේ 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දි ලැබුණු ජනවරමයි. ඒ ජනවරම අමතක කරලා පාර්ලිමේන්තුව තූළ හෝ ඉන් පිටත කටයුතු කළ නොහැකියි. අපේ ශාඛා, කාන්තා, තරුණ වගේම අනුබද්ධ සංවිධානත් තවම අප සමග සිටිනවා. ආණ්ඩුවක් විදිහට පක්ෂයක් විදිහට අප කිසියම් පසුබෑමකට ලක් වු බව ඇත්ත. ඒත් තවමත් අපේ පාක්ෂිකයන්, ආධාර කරුවන් වගේම මහජන නියෝජිතයන් අප සමග සිටිනවා.

ගෙවල් ගිනි තියලා, තර්ජනය කරලා ජනතාව අතරට යන එක නවත්තලා අපේ දේශපාලන මතවාදය නතර කරන්න බෑ. අපි හිටියාටත් වඩා ශක්තිමත් ව නැගී සිටිය යුතුයි. ඒ නිසා අපි නැවතත් ගමේ දේශපාලනය ආරම්භ කරන්න ඕනෑ. දේශපාලන කුමන්ත්‍රණකරුවන්ට ඕනෑ විදිහට දේශපාලනය කරන්න අපි ලෑස්ති නෑ. මේ අරගල කුමන්ත්‍රණයේ ඇත්ත තත්ත්වය ජනතාවට පැහැදිලි කර දෙන්න ඕනෑ.

අද රටේ පවතින ආර්ථික අර්බුධයට හිටපු ජනාධිපතිතුමා හෝ වත්මන් ජනාධිපතිවරයා පමණක් වගකිව යුතු නෑ. ඒ තත්ත්වයට එදා සිට අද දක්වා සියලුම නායකයන් වගකිව යුතුයි. ඒ වගේම 83 හර්තාල්, වැඩවර්ජන, 83 කලු ජූලිය, කොටි ත්‍රස්තවාදී යුද්ධය, බෝම්බ පිපිරීම්, 88-89 භීෂණය වගේ දේවලුත් මේ තත්ත්වයට වග කිව යුතුයි. ඒ සදහා නායකත්වය දිපු දේශපාලන පක්ෂ, කණ්ඩායම් මේකට වගකියන්න ඕනෑ. ඒ වගේම රජයේ නිළධාරින් පවා මේ තත්ත්වයට වග කියන්න ඕනෑ. කොටින්ම කිව්වොත් අපි හැමෝම මේකට වග කියන්න ඕනෑ.

ජනාධිපතිධූරය සදහා අපි රනිල් වික්‍රමසිංහ මහතා තෝරාගත්තේ මේ මොහෝතේ ඒ සදහා සුදුසුම විකල්පය ඔහු නිසයි. මේ වෙලාවේ ජනාධිපතිවරණයකට යන්න, මහ මැතිවරණයකට යන්න බෑ. ඒ සදහා හොද ආර්ථික තත්ත්වයක් රට තුළ නෑ. ඒ නිසා අපිට සිදු වුණා ව්‍යවස්ථානුකූලව මේ ප්‍රශ්නයට විසදුම් හොයන්න. ඒ නිසයි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වෙන්න පොහොට්ටුවේ සහාය ලැබෙන්නේ. අදටත් පාර්ලිමේන්තුවේ වැඩිම බහුතරය තිබෙන දේශපාලන පක්ෂය පොහොට්ටුව. ඒ නිසා සර්ව පාක්ෂික හෝ කුමන ආණ්ඩු හැදුවත් පොහොට්ටුවේ ජනමතය නොසලකා හරින්න කිසිවෙකුට බෑ. සමහර පරාජික දේශපාලන පක්ෂ, කණ්ඩායම් කියනවා පොහොට්ටුවට දැන් ජනමතයක් නෑ කියලා. අපේ ජනමතය තවම තියෙනවා.  එකම දේ ඔවුන් නිහඩයි. ඒ නිහැඩියාව බිදින්න දැන් කාලය හරි. ඒ නිසා අපි වැටුණු තැනින් යළි නැගිටිමු. කුමන්ත්‍රණ පරදවමු.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක්වු පළාත් පාලන ආයතන ප්‍රධානීන් කීවේද යළිත් දේශපාලන කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවයි. පසුගිය කාලයේ සිදු වු වැරදි නිවැරිදි කරගෙන ඉදිරියට යා යුතු බව ද ඔවුහු අවධාරණය කළහ.

– ප්‍රදීප් අනුර කුමාර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka