නාගරික ජනාවාස ආශ්‍රිතව වෙසෙන දරුවන් හා තරුණ පරපුර ඉලක්කකර ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම හා සමාජ විරෝධී ක්‍රියා නතර කිරීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (8) පැවසීය.
ඔහු අවධාරණය කරන්නේ අවශ්‍ය වුවහොත් ඒ සඳහා නව වුවද නීති සම්පාදනය කිරීමට සූදානම් බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් බොරැල්ල ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය සමඟ ඒකාබද්ධවී නාගරික අඩු ආදායම්ලාභී දරු දැරියන් වෙනුවෙන් නොමිළයේ ක්‍රියාත්මක කරනු ලබන ත්‍රෛයිමාසික ඉංග්‍රීසි පාඨමාලාවේ සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මෙම පාඨමාලාව හදාරන එක් ළමයකු වෙනුවෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් දරණු ලබන මුදල රුපියල් 15000 කි. ඒ අනුව මෙම පාඨමාලාව වෙනුවෙන් එම අධිකාරිය විසින් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැයකර තිබේ. මෙහිදී පාඨමාලාව හැදෑරෑ ළමුන් 33 දෙනෙකුට සහතික පත්‍ර පිරිනැමීම අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් නාගරික අඩුආදායම් ලාභී ජනතාව ඉලක්ක කරගනිමින් දැනටමත් සෞභාග්‍ය ප්‍රජා ශක්ති, සෞභාග්‍ය සවිබල, සෞභාග්‍ය නැණ බල හා සෞභග්‍ය දිවිවරුන යන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර මෙමගින් දැනටමත් මත්ද්‍රව්‍ය නිවාරණ සහ පුනරුත්ථාපන වැඩසටහන්, ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන්, තිරසාර පරිසර ප්‍රවර්ධන වැඩසටහන්, ක්ෂුද්‍ර/කුඩා පරිමාණ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කිරීමේ වැඩමුළු සහ පුහුණුව, මූල්‍ය ආධාර සහ උපකරණ සැපයීම, වෙළඳපොළ හඳුන්වාදීම, තරුණ හා ළමා සංවර්ධන වැඩසටහන්, බහු ආගමික කටයුතු, සංස්කෘතිය, සාහිත්‍යය සහ කලා ප්‍රවර්ධන වැඩසටහන්, මනෝ-සමාජ ආධාරක වැඩසටහන් හා ගෙවතු වගා වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කරනු ලැබේ.
බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු අදියරේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද සඳහන් කළේය.
“නාගරික අඩු ආදායම්ලාභී ජනාවාස ආශ්‍රිතව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය උවදුර හා සමාජ විෂමාචාර ක්‍රියා බොහොම වැඩියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ වනවිටත් ළමා පරපුර තමන්ගේ ග්‍රහණයට නතුකර ගනිමින් ඉන්නවා. මේ උවදුරෙන් සමාජය බේරාගන්න රජය කැපවී වැඩ කරනවා. මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනවය ගැන පොලිසිය, ආගමික ස්ථාන මූලික කරගනිමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අපි දැනටමත් ක්‍රියාත්මක කරනව. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශවලට දැඩිව උපදෙස් ලබාදී තිබෙනවා. නාගරික ජනාවාස ආශ්‍රිතව මත්ද්‍රව්‍ය හා විෂමාචාර වැළැක්වීම සදහා අපි ඉදිරියේ දි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කරනවා. අවශ්‍ය වුණොත් ඒ සදහා නව නීති රිති වුණත් පණවන්න අපි ලෑස්තියි.
අපි ජීවත්වන්නේ 21 වැනි සියවසේ තාක්ෂණික ලෝකයක. මේ කාලයේ දරුවෝ ජිවත් වෙන්නේ තාක්ෂණයත් එක්ක. ලෝකය ජයගන්න නම් අපි තාක්ෂණය සමග ඉදිරියට ගමන් කළ යුතු වෙනවා. තාක්ෂණය අමතක කර අපට හුදකලාව කටයුතු කරන්න බෑ.
අපේ මව් භාෂාව වන සිංහල භාෂාව ඉගෙන ගන්නා ගමන්ම තාක්ෂණික ලෝකය ජයගන්න නම් අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න ඕනේ. ඒ කාලේ අපිට අකුරු ලියන්න තිබුණෙ සීමිත පිටු සංඛ්‍යාවක් තියෙන පොත්. නමුත් අද ජීවත්වෙන දරුවෝ ඒ යුගය පහුකරගෙන හුඟාක් ඉදිරියට ගිහිල්ල. 21 වැනි සියවසේ නූතන දරු පරපුර අද වැඩ කරන්නේ ලැප්ටොප් වලින්, ටැබ් වලින්, පරිගණක වලින්. මේ හැසිරීම අද අපේ ආර්ථික සමාජික හා දේශපාලනික කරුණු වලටත් එදිනෙදා චර්යා රටා වලටත් බලපාලා තියෙනවා. අපි මේ හැමදේම කරන්න ඕනේ සීමාවක් සහිතව. එහෙම නොවුණොත් අපි වගේම රටත් විනාශ වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව රජය හැම විටම උත්සාහ ගන්නේ මේ රටේ දරු පරපුර නූතන ලෝකයට ගැළපෙන ලෙස හැඩගස්වාගන්නයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයට ඒ වෙනුවෙන් විශේෂ වැඩකොටසක් පැවරී තිබෙනවා. විශේෂයෙන්ම නාගරික දරු දැරියන් ඉංග්‍රීසි භාෂාවෙන් සන්නද්ධ කිරීමට අපි දැනටමත් විවිධ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අතරින් ප්‍රමුඛතම වැඩසටහන ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනයි. බස්නාහිර පළාතේ ජීවත්වන අඩු ආදාම්ලාභී පවුල්වල දරු දැරියන් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලයේ මෙම පාඨමාලාව පැවැත්වෙනවා. අපිට අවශ්‍ය ලෝකය ජයගත හැකි නූතන මානව පරපුරක් මේ ජනාවාස ආශ්‍රිතව බිහිකරන්නයි.
රටක් ලෙස අපි අද දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්නේ. අපේ සමහර සංවර්ධන ව්‍යාපෘති වගේම සමාජ සුබසාධන වැඩසටහන් තාවකාලික ව නතර කරන්න අපට සිදුවෙලා තියෙනවා. නමුත් පවතින ආර්ථික ආර්බුදය තුළ වුණත් අපේ අමාත්‍යාංශය නාගරික සංවර්ධන හා නිවාස ක්ෂේත්‍රය වෙනුවෙන් නළ හැකි, කළ යුතු සියලුම දේ කරනවා. විශේෂයෙන් ම අපි ආරම්භ කරපු නාගරික ජනාවාස ආශ්‍රික සුබසාධක වැඩසටහන් කිසිවක් අපි නතර කරන්නේ නෑ. රටේ ආර්ථික තත්ත්ත්වය යහපත් වු වහාම අපි සුපුරුදු වැඩසටහන් වගේම නව වැඩසටහන් රැසක් හදුන්වා දීමටත් අපේක්ෂා කරනවා”
මෙහිදී අදහස් දැක්වූ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා මෙසේ පැවසීය.
අපේ මව් භාෂාව සිංහල භාෂාව. නමුත් ජාත්‍යන්තරය සමඟ ගණුදෙණු කිරීමට අපිට මව් භාෂාව ප්‍රමාණවත් නැහැ. අද දවසේ ලෝකය ජය ගැනීමටනම් අපි අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත යුතුයි. පාසල්වල ඉංග්‍රීසි භාෂාව ඉගැන්නුවත් බොහෝ දෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමට හෝ ලිවීමට හැකියාවක් නැහැ. අපි ඉංග්‍රිසි භාෂාවට බයයි. ඉංග්‍රීසි විෂය මඟ හැරුණම අපිට අපේ ජීවිතය මඟ හැරෙනවා.
ඒ නිසා නාගරික නිවාස සංවර්ධන අධිකාරිය තමන්ගේ මුදල් වියදම් කරලා නාගරික අඩු ආදායම්ලාභී පවුල්වල දරු දැරියන් වෙනුවෙන් මෙම ඉංග්‍රීසි පාඨමාලාව නොමිළයේ පවත්වනවා. ඒ වගේම නාගරික ජනතාවගේ ආර්ථිකය මෙන්ම ආධ්‍යාත්මය සංවර්ධනය කිරීමටත් සුවිශේෂි වැඩ සටහන් රාශියක්ම ක්‍රියාත්මක කර තිබෙනවා යැයිද පැවසීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත්, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් විජයානන්ද හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
– ප්‍රදීප් අනුර කුමාර