දැනට සිංගප්පූරුවේ නැවතී සිටින පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞදි ආරාබියට යෑම සඳහා වීසා ලබා ගැනීමේ උත්සාහයක නිරත වී ඇතත් එහි ඔටුන්න හිමි කුමරාවන මොහොමඩ් බින් සල්මාන් ඊට විරෝධතාවය දක්වා ඇති නිසා වීසා ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි වාර්තා වේ.
මෙම අවස්ථාව ලබා දීම සඳහා මැදිහත් වී ඇත්තේ මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් කථානායක මොහොමඩ් විසිනි.
කෙසේ වෙතත් ඒ වෑයම ව්‍යර්ථ වීම නිසා දැනට සිංගප්පූරුවේ ගත කරන ගෝඨාබය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් වෙනත් රටකට යෑමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සහයක් ලබා ගන්න අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
දැනට සිංප්පුරුවේ රැඳී සිටීමේ කාලය තවත් දින 14ක් දීර්ඝ කරගැනීමේ අපේක්ෂාව බොහෝ විට සාර්ථක වනු ඇතැයි ද පැවසේ.
එසේ වුවද වත්මන් ජනාධිපතිවරයාගේ අදහස වන්නේ තවමත් ගෝඨාබය රාජපක්ෂ ලංකාවට පැමිණීම නුසුදුසු බවය. එබැවින් වෙනත් රටක කෙටි කාලීනව ගත කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරගැනීමේ උත්සාහය දියත් වී ඇත. .
හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලංකාවට පැමිණිය ද රජයේ විශේෂ පහසුකම් නොලබා රජයෙන් දෙන සීමිත ආරක්ෂකයින් සමග සිය පෞද්ගලික නිවසේ ජීවත් වීමට හිටපු ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවය.
මේ කටයුතු සඳහා ඔහුට රාජපක්ෂ පවුලේ සෙසු අයගෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව ද වාර්තා වේ.

උපුටා ගැනීම : lankasara