පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශ ගැන ද්‍රවිඩ ජාතික සන්ධානය තම අදහස් පළකර තිබෙනවා.
පසුගියදා එම සන්ධානය හමුවූ අවස්ථාවේ දී ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය ප්‍රකාශ කළ බවට ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණා. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් කියන්නේ එය අසත්‍ය ප්‍රකාශයක් බවයි.
“ජනපති කියන්නේ බොරු. ද්‍රවිඩ ජාතික සන්ධානය විදිහට අපි ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ප්‍රකාශ කිරිමට තීරණය කළේ ඒකමතිකවයි. අපේ කිසිවෙක් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දිය යුතු යැයි ප්‍රකාශ කළේ නෑ” යැයි ඔහු සිය ට්වීට් හී සඳහන් කර තිබෙනවා.
“අපි මේ කාරණය සහ තවත් එවැනිම උත්සාහයන් කිහිපයක් පිළිබඳව ජනාධිපතිවරයා හමුවූ විට ප්‍රකාශ කළා. මෙය නතර කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු ඊට එකඟ වුණා. ඔහු තම වචනය රකියිද යන්න සොයා බැලිය යුතුයි” සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසනවා.