තම නෞකාවක් හම්බන්තොට වරායට පැමිණිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමෙන් වලකින ලෙස චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
11 වැනි දා හම්බන්තොට වරායට පැමිණීමට තිබූ නැව 17 වනදා දක්වා එහි රැඳී සිටීමට සැලසුම් කර තිබිනි.
නමුත් ඉන්දියාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් ඉල්ලා ඇත්තේ එම නෞකා ගමන කල් දමන ලෙසයි.
චීන විදේශ අමාත්‍යංශ සඳහන් කරන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව දෙරට විසින් ස්වාධීන සිදු කරන්නක් බවත් එය වෙනත් කිසිදු තෙවන පාර්ශවයක් ඉලක්ක කර නොගන්නා බවත්ය.
එනිසා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පීඩනයට පත් කිරීම තේරුමක් නැති ක්‍රියාවක් බවද ඔවුන් නිවේදනය කරයි.
ශ‍්‍රී ලංකාව ද ස්වෛරී රාජ්‍යයක් වන බැවින් තමන්ගේ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් වෙනත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර හැකිව ගත හැකි බවත් චීනය තවදුරටත් කියා සිටියි.